අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන දත්ත කිසිවත් මැකී නෑ – මැකුණු ගොනුවත් යළි ගතහැකියි

එපික් ලංකා සභාපති ආචාර්ය නයන දෙහිගම කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු තාක්ෂණ පද්ධතියේ ප්‍රධාන දත්ත ගබඩාවේ පවතින ඖෂධ සම්බන්ධ තොරතුරු ඇතුළු මූලික දත්ත කිසිවක් මැකි ගොස් හො කිසිදු හානියක් සිදුව නොමැති බවත් සිදුව ඇත්තේ ප්‍රදාන දත්ත පද්ධතියෙන් පිටත තිබූ දත්ත ගොනුවත් එය නඩත්තු කරන ඉංජිනේරුවකු අතින් අත්වැරදීමකින් මැකී යාම පමණක් බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලේඛන හා වැඩ ප්‍රවාහ තොරතුරු තාක්ෂණ පද්ධතිය කළමනාකරණය කරන එපික් ටෙක්නොලොජී සමූහයේ සභාපති ආචාර්ය නයන දෙහිගම සඳහන් කරයි.

මෙම මැකී ගිය දත්ත ගොනුවද යලි ප්‍රතිසාදනය කල හැකි බව ද (Recover) ආචාර්ය දෙහිගම සඳහන් කලේ මේ සම්බන්දයෙන් ලංකාසරට අදහස් දක්වමිනි.

ආචාර්ය නයන දෙහිගම

ආචාර්ය දෙහිගම සඳහන් කරන්නේ වගකීමක් සහිතව ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව කටයුතු කරන තම සමාගම මෙම දත්ත අතුරුදන්වීම සම්බන්ධයෙන් ගැඹුරු විමර්ෂණයක් සිදුකළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මෙම දත්ත පද්ධතිය පිළිබඳව කටයුතු කරන අදාළ තම සමාගමේ පරිගණක ඉංජිනේරුවා එහි නඩත්තු කටයුත්තකදී මකා දැමිය යුත දත්ත ගොනුවක් වෙනුවට මෙම දත්ත ගොනුව මකා දමා ඇති බවය.

මෙම දත්ත යළි ප්‍රතිස්ථාපනය කළ හැකි වන අතර මෙම විමර්ෂණ කටයුකු අවසන් වීමෙන් අනතුරුව එම කටයුතු සිදුවනු ඇතැයි නයන දෙහිගම මහතා සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එපික් ලංකා සමාගමේ සභාපතිවරයාට අනුව රජයේ පිළිගත් තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා අනුබද්ධ ආයතනයක් වන එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගම විසින් දිනාගත් සේවා සැපයුම් කොන්ත්‍රාත්තුවක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක මෘදුකාංග පද්ධතියක් (ලේඛන හා වැඩ ප්‍රවාහ කලමණාකරණ පද්ධතියක්) එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගම විසින් සකසා දෙනු ලැබූවේ මීට වසර එකහමාරකට පෙරය.

එම මෘදුකාංගයේ අවශ්‍යතා සහ ක්‍රියාකාරීත්වයන් තීරණය කරනු ලැබුවේ ඖෂධ නියාමන අධිකාරිය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සමග එක්ව දීර්ඝ වශයෙන් කරන ලද අවශ්‍යතා අධ්‍යයනයකින් පසුවය.

එම අවශ්‍යතා අධ්‍යයනය තුළින් තීරණය කළ පිරිවිතරයන්ට 100% අනුකූලව නිම කළ එම මෘදුකාංග පද්ධතිය, ඖෂධ නියාමන අධිකාරියට බාරදුන් බව එම අධිකාරිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ උපදේශනය යටතේ සිදුකළ පරිශීලන පිළිගැනීමේ පරීක්‍ෂණය මගින් ද සහතික කර ඇත. මෙම කොන්ත්‍රාත්තුවට අනුව මෘදුකාංගය නිපදවීමේ වගකීම එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගම වෙත පැවරුණු අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තාක්‍ෂණ යටිතල පහසුකම් සැපයීමේ වගකීම පැවරී තිබුණේ ඖෂධ නියාමන අධිකාරියටය.

“අපගේ සේවා සැපයුම් ක්‍රමවේදය යටතේ පසුගිය මාස 18 තුළම එම මෘදුකාංග පද්ධතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වුණා. එම පද්ධතියේ නඩත්තු කටයුතු සිදු කළේ සුදුසුකම් සහ අත්දැකීම් ලද අපගේ සහතික ලත් පරිගණක ඉංජිනේරුවන්ගේ සහභාගීත්වයෙන්. නමුත් පසුගිය මාසයේ දිනෙක කරනු ලැබූ එවැනි නඩත්තු කටයුත්තකට පසුදින ඖෂධ නියාමන අධිකාරිය විසින් නිවේදනයක් අප වෙත යොමුකරමින් දන්වා සිටියේ ඔවුන් හට ප්‍රධාන දත්ත ගබඩාවට පිටතින් පිහිටි ඇමුණුම් ගොනු ගබඩාවේ තිබූ ඇමුණුම් නොපෙනෙන බව. මේ පිළිබඳව අප ඉංජිනේරුවන් ඉතා ඉක්මනින් සොයා බැලුවා. එහිදී තහවුරු වුණා, ඇමුණුම් ගොණුවේ ඇමුණුම් මැකී ගොස් ඇති බව. ඊට පසුව අප කළේ එම තත්වය තව දුරටත් විමර්ශනය කිරීමයි. මැකී ගිය දත්ත ප්‍රතිස්ථාපනය කිරීම සඳහාත් අවශ්‍ය සියළු පියවර නොපමාව ගත්තා.

ඖෂධ නියාමන අධිකාරියේ මෘදුකාංග පද්ධතියේ ප්‍රධාන දත්ත ගබඩාවේ ඇති දත්ත සියල්ල අදටත් ඉතා සුරක්‍ෂිතව ගබඩා වී ඇති අතරල ඖෂධ හා උපකරණ ලියාපදිංචි කිරීම්ල බලපත්‍රල අනුමැති,අලුත් කිරීම් ආදී කටයුතු පිළිබඳ සියලු තොරතුරු ප්‍රධාන දත්ත ගබඩාවේ සුරක්‍ෂිතව ඇති බව අපට වගකීමෙන් සහතික කළ හැකියි. එමෙන්ම ැභඵඍ් මෘදුකාංග පද්ධතිය අංග සම්පූර්ණව හා ක්‍රියාකාරීව පවතින අතර ඖෂධ හා උපකරණ ලියාපදිංචිය හා අනුමැතිය සඳහා පද්ධතිය ඕනෑම වෙලාවක නොකඩවා භාවිතා කළ හැකි බව අප ඉතා වගකීමෙන් දන්වා සිටිමු. එනමුත් ඖෂධ නියාමන අධිකාරියේ අභ්‍යන්තර ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටීන්ට අනුගත වීම නිසා පෙර ඉදිරිපත් කර තිබූ අයදුම්පත් වල අනුමත කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු නව අයදුම් පත් අප මෘදුකාංග පද්ධතිය හරහා ලබා ගැනීමට නොහැකි බව අප වෙත දන්වා තිබෙනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොරෙන් ඖෂධ ගෙනා ඉන්දියානුවන් 02ක් කටුනායක දී අත්අඩංගුවට…

Next Post

ප්ලේන්ටිය රුපියල් 40යි… 130ට සීනී කිලෝවක් ගන්න මිනිස්සු මහ වැසි මැද පෝලිම්වල…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.