සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රෙටල් 92ක රටට ගෙනත් තියෙන්නේ රුපියල් 195කට… ඩීසල් රුපියල් 200කට… අපිට ගහන බද්දේ තරම!

by editor
අගෝස්තු 7, 2024
in පුවත්
petrol-diesel-lankasara
Share on FacebookShare on Twitter

මේ වසරේ පසුගිය මාස කිහිපය තුළ ලංකාවට පිරිපහදු කරන ලද පෙට්‍රල් 92 ගෙනැවිත් තිබෙන්නේ රුපියල් 195 කට බවත් ඩීසල් ගෙනැවිත් ඇත්තේ ති රුපියල් 200 කට ආසන්න මුදලකට බවත් වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව හෙළිදරව් කරයි.

මේ සම්බන්ධව අද (07) පාර්ලිමේන්තුවේ හෙළි කළ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ එක් පෙට්‍රල් ලීටරයක් සඳහා ඩීසල් ලීටරයක් සඳහා අධික බද්දක් ගෙවන ජනතාවක් සහිත රටක ප්‍රවාහනය, ආහාර නිශ්පාදනය, කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු සමස්ථ ආර්ථිකට වැටී ඇත්තේ බරපතල විලංගුවක් බවය.

ඔහු පවසන්නේ මෙම මූල්‍ය වාර්තාව තුළ ඇති ප්‍රකාශනයන් අනුව රටේ ප්‍රාථමික ශේෂයේ කිසියම් ධනාත්මක වර්ධනයක් ඇති කරගෙන ආණ්ඩුවේ ආදායම් වර්ධනය කරගැනීම ඇතුළු ධනාත්මක කරුණු සම්බන්ධව රටක් ලෙස සතුටු විය හැකි නමුත් රටේ බැංකු පද්ධතියේ යම් බිඳවැටීමක් ඇතුලු වාර්තාවෙන් ප්‍රකාශ නොවන කරුණු ගණනාවක් පවතින බවය.

ඔහු මෙසේ ද පැවසුවේය. 

“විශේෂයෙන්ම ලංකා බැංකුවේ තැන්පතු ප්‍රමාණය පළවෙනි මාස හතර ඇතුළත 3.6%කින් පහළ ගිහින් තියෙනවයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බැංකු පද්ධතියේ රටේ තියෙන ලොකුම බැංකුවේ වත්කම් ප්‍රමාණයත් ඒ වගේම ඒගොල්ලන්ගේ තැන්පතු ප්‍රමාණයත් 3.6% කින් අඩුවෙලා තිබෙන බව මේ වාර්තාවේ සඳහන් වෙනවා.

මෙහි සඳහන් නොවෙන තව විශාල කරුණු ගණනාවක් තිබෙනවා. උදාහරණයක් හැටියට ලංකා විදුලිබල මණ්ඩලය ලාභදායී වෙලා තියෙනවා. හැබැයි, ඒ විදුලි බිල ගෙවාගන්න බැරුව, කර්මාන්ත ක්ෂේත්‍රයේ 20 ක් වැහී ගිහින් තියෙනවා. ඒ වගේම, ඒ ක්ෂේත්‍රයේ කර්මාන්ත වෙළඳාම ඒ වගේම සාමාන්‍ය විදුලි පරිභෝජකයා මේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි දැවැන්ත සමාජ අර්බුදයකට ලක්වෙලා තියෙනවා.

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඒ වගේම අයි ඕ සී එක, ඒ වගේම සිනොපෙක් එක මේ සියලු ආයතන ලාභ ලබලා තියෙනවා. විශාල බදු මුදල් ආණ්ඩුවට ලබාදීලා තියෙනවා. මේ අවුරුද්දේ අවසාන මාස කිහිපය තුළ ලංකාවට පිරිපහදු කරන ලද පෙට්‍රල් 92 ගෙනැවිත් තිබෙන්නේ රුපියල් 195 කට. ඒ වගේම ඩීසල් ගෙනල්ලා තියෙන්නේ රුපියල් 200 කට ආසන්න මුදලකට. එතකොට මේ ඉතුරු ටික බදු සහ මේ ආයතන වල ලාභ.
විශේෂයෙන්ම මේ ඩීසල් පිළිබඳව මේ අධික බදු ඒ වගේම අධික ලාභ ඉපයීමේ ක්‍රියාවලිය හරහා, අතීතයේ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්, තෙල් සංස්ථාව ඇතුළු ඒ ආයතන වල. මේක නිසා ආර්ථිකයට ඇතිවෙන බලපෑම කොච්චරද? ප්‍රවාහනය කියන කාරණයත් එක්ක, ආහාර නිෂ්පාදනයට, ට්‍රැකටර්වලට, ලොරි රථ වලට, පොදු ප්‍රවාහනයට විශාල බාධාවක් එල්ල වෙනවා ආර්ථිකයේ ඉදිරි වර්ධනයට විශාල විලංගුවක් ඒක තුළින් ලැබෙනවා.

මේ ක්‍රියාවලිය ඉදිරියට ගමන් කිරීමේදී රැකියා අහිමිවීම මගින් කර්මාන්ත වැසී යාම මගින් ඒ වගේම මේ අධික ජීවන බර දරා ගැනීමට නොහැකි වීම නිසා මිනිස්සු පීඩාවට පත් වෙලා තියනවා.

අපි මේ සභාවට අපගේ ක්‍රම සහ විධි වාර්තාවෙන් ඉදිරිපත් කළා ආහාර මිල ගණන් පාලනය නොකිරීම නිසා ඇති වී තිබෙන තත්ත්වය. ඒ නිසාම අපි ඒකට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය කිසියම් දුරකට අපට පාලනයක් ඒ සම්බන්ධයෙන් ඇති කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.

නමුත් ඒ පාලනය ඉදිරි කාලයේ දී ඇතිකර ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ රටේ වෙළඳපොලේ විවෘත භාවයක්, වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය මිනිස්සු දැනගන්න අවශ්‍යයි ඒ කාරණා මොනවද කියලා. උදාහරණයක් හැටියට රටට ඖෂධ ගෙන්වන්නේ කීයටද කියලා මිනිස්සු දැනගන්න අවශ්‍යයි. තමන් ඖෂධයක් මිලදී ගන්න යනකොට. තමන් පෙට්‍රල් ලීටරයක් ගහන්න යන කොට පෙට්‍රල් කීයටද ගෙනාවේ කියලා දැනගන්න අවශ්‍යයි. තමන් ගෙවනකොට. මේකේ හැටියට ගල් අඟුරු මිල ඉතා සීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ගල් අඟුරු ටොන් එකක් කීයද? කිලෝවක් කීයද? විදුලි ඒකකයක් කීයද? කියන එක දැනගන්න අවශ්‍යයි. ආහාර ගන්නකොට අර්තාපල් කීයටද ගෙනාවේ? කීයටද ගත්තේ? ලොකු ළූණු කීයටද ගෙනාවේ? කීයටද විකුණන්නේ? මේ පිළිබඳ දැනුවත්භාවයක් අවශ්‍යයි.

ඉතින් කණගාටුවට කාරණේ, වසර 15 ක පමණ කාලයක සිට මේ ක්ෂේත්‍රවල ඩිජිටල්කරණය වෙනුවෙන් විශාල උනන්දුවක් විශාල වැඩපිළිවෙළක් තිබුණත් තාමත් ලංකාවේ ඉන්නේ අවුරුදු 15 ක් පිටිපස්සේ. අපේ අල්ලපු රට වෙච්චි ඉන්දියාව අපේ අල්ලපු රටවල් වෙච්ච බංගලිදේශේ, අපේ අල්ලපු රටවල් වෙච්ච පාකිස්තානේ, මේ හැමතැනම ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ රටවල් අපට වඩා සාක්ෂරතාවයෙන් අඩුයි. එනම් නූගත් අපට වඩා වැඩියි. ඒක පුද්ගල ආදායම අඩුයි. එනම් දුප්පත්. අපි තරම් හොඳ සම්බන්ධිතභාවයක් නෑ. නමුත්, මේ සියලු ක්ෂේත්‍රවල ඒ අය විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන යනවා.

ඒ නිසා කවර ආණ්ඩුවක් ඉදිරි කාලයේ මේ ජනාධිපතිවරණයක් එනවා ඒ ජනාධිපතිවරණය කවර ආණ්ඩුවක් ආවත් මේ රටේ ඩිජිටල් යටිතල පහසුකම නැංවීම ප්‍රමුඛතම අරමුණ විය යුතුයි. මේ රටේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරලා තියෙන්නේ වරායවල් කීයක් හදලා තියෙනවද? අධිවේගී මාර්ග කීයක් හදලා තියෙනවද? විදුලි බලාගාර කීයක් හදලා තියනවද ගුවන්තොටුපොළවල් කීයක් හදලා තියෙනවද? කියන ඩිජිටල් යටිතල පහසුකම සෑම රාජ්‍ය ආයතනයක්ම සම්බන්ධීකරණය කරගෙන ගොඩනගා ගැනීම අපි කියනවා ඒකට Public Digital Infrastructure (PDI) මේක අද මේ රටේ අත්‍යවශ්‍ය දෙයක්.

මේක අද මේ රටේ තියෙනවා නම්, ග්‍රාමසේවක සහතිකයක් ගන්න ගියත්, උප්පැන්න සහතිකයක්, මරණ සහතිකයක්, පාස්පෝට් එක, ඒ වගේම හැඳුනුම්පත, එහෙම නැත්නම් ඊට ඔබ්බෙන් ගිහිල්ලා අපගේ ඉඩම් අයිතිය පිළිබඳව, නිවාස අයිතිය පිළිබඳව දඩ මුදල් ගෙවීම, ආදායම් බදු ගෙවීම, ආදායම් වියදම්, මේ සියල්ල මේ වේදිකාවක් මත කරන්න පුළුවන් නම්, මේ රටේ, මේ පාන් පිටි වලට, කිරිපිටි වලට, සීනි වලට, භූමිතෙල් වලට, පෙට්‍රල්වලට, ඩීසල් වලට බදු ගහන් නැතුව මේ රටේ බදු ආදායම පහසුවෙන්ම ට්‍රිලියන පහේ සීමාවට ගෙනියන්න පුළුවන්.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

VFS වීසා මගඩියට අධිකරණය ලබා දුන් නියෝග තුට්ටුවට දාලා… ආගමන විගමන පාලක සහ මහජන ආරක්ෂක ලේකම් ගහන ගේම රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

Next Post

ඒ මිනිස්සුන්ගේ මූණු දැක්ක ද?… වල්ඩ් කප් දිනුවා වගේ මිත්‍රවරුනි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.