ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

VFS වීසා මගඩියට අධිකරණය ලබා දුන් නියෝග තුට්ටුවට දාලා… ආගමන විගමන පාලක සහ මහජන ආරක්ෂක ලේකම් ගහන ගේම රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

by editor
අගෝස්තු 7, 2024
in පුවත්
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක සහ ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය...

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක සහ ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය...

Share on FacebookShare on Twitter

VFS ආයතනය මුලට දමාගෙන හිමිකම් සොයාගත නොහැකි ව්‍යාජ තැරැව්කාර සමාගම් දෙකක් හරහා ඩොලර් බිලියන 2.4ක් පමණ වටිනා අනීතික ගනුදෙනුවක් සිදුකිරීමට ගොස් එය අධිකරණ නියෝගයකින් තහනම් වූ පසු උක්ත අධිකරණ නියෝගය අනුව ඉදිරි කටයුතු කිරීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයා සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරන බවත්,  ඉදිරියේ දී මෙම නිලධාරීන් දෙදෙනා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව අධිකරණය ඉදිරියට පමුණුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

ඔහු අද හෙළි කළේ අධිකරණ නියෝගය අනුව පැරණි ආකාරයට ටෙලිකොම් මෙහෙයුම් පද්ධතිය හරහා වීසා නිකුත් කිරීමේ මූලික ප්‍රවේශයන් වළක්වාලමින් ආගමන විගමන පාලකවරයා එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙනත් පුද්ගලික සමාගමක වෙබ් අඩවියක් වෙත හරවා ඇති බවය. එමෙන්ම මේ තාක්ෂණික කටයුතු පවත්වා ගැනීම සඳහා ටෙලිකොම් ආයතනයේ ඉහළ තාක්ෂණික නිලධාරීන්ට පහසුකම් නෙසලසා අත්තනෝමතික ආකාරයට ආගමන විගමන පාලකවරයා විසින් මග හැර ඇති බවය.

මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී මෙසේ ද පැවසුවේය.

මහ බැංකු මංකොල්ලයට වඩා සිය ගුණයකින් වැඩි මංකොල්ලයක් මේ ආණ්ඩුව කරන්නට සූදානම් වෙලා මේක සම්මත කරගත්තා. සම්මත කරගත්තේ හැංගි හොරා. රජයේ ටෙලිකොම් ආයතනයට හිමිකම් කියන මොබිටෙල් සමාගම 2012 පටන් විද්‍යුත් පද්ධතියක් ගෙනියනවා ඉලෙක්ට්‍රොනික් ට්‍රැවල් ඕතරයිසේෂන් කියන විද්‍යුත් පද්ධතිය. ඒ යටතේ තමයි මේ රටට එන සංචාරකයින්ට වීසා ලබා ගැනීමේ පහසුකම ලබා දුන්නේ.

ඒ පහසුකම එවැනි පද්ධතියක් ඇති කළ අවස්ථාවේ මේක දකුණු ආසියානු කලාපයේ පමණක් නෙවෙයි අග්නිදිග ආසියානු කලාපයේම ප්‍රථම වතාවට වෙන කොහෙවත් නොතිබුණු පද්ධතියක් හඳුන්වා දුන්නා කියලා සහතිකයෙකුත් ලැබුණා මොබිටෙල් ආයනයට.

එහෙම තිබුණු පද්ධතියක් සම්බන්ධව ජනාධිපතිතුමා අරගත්තු තීරණය තමයි මෙම පද්ධතිය වැඩිදියුණු කිරීම. කවුරුත් දන්නවා විද්‍යුත් පද්ධතියක පොඩි ගැටලු ඇති වෙන්න පුලුවන් ලෝඩ් එක වැඩිවුනාම. ඒ පද්ධතිය ඒ අනුව වැඩි දියුණු කරන්න ඕන. ඒ පිළිබඳව ලිපි හුවමාරු ඕන තරම් තිබුණා. ඒවට අනුකූලව ආගමන විගමන පාලක මොබිටෙල් ආයතනයට කළ ඉල්ලිමක් අනුව එම සියලුම වැඩිදියුණු කිරීම් කරලා අවසන් කරලා දැනුම් දීලා තියෙද්දි ඒක පැත්තක තියලා, ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සුමානයක් තුළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා ව්‍යාජ සමාගම්, ඇත්තටම අයිතිකරුවන් කවුද කියලා හොයා ගන්න බැරි තැරැව්කාර සමාගම් දෙකක් වෙත මෙම මෙහෙයුම් බාර දෙන්න.

අපි දන්නවා වී.එෆ්.එස් සමාගම ජත්‍යාන්තර නම් ගත් සමාගමක්. ඒ සමාගමේ නම ඉස්සරහට දාගෙන ඒ සමාගම ටෙක්නිකල් පාට්නර් කෙනෙක් විදිහට තියාගෙන තමයි මේ අය තැරැව් කාර අයිතිකරුවන්වත් හොයා ගන්න බැරි තැරැව්කාර සමාගම් දෙකක් දාලා මේ වැඩේ කරන්න හැදුවේ. සිංගප්පූරුවෙත් ඩුබායිවලත් බාරකාරත්වයක් සහිත මේ සමාගම් දෙක සම්බන්ධව මා කරුණු සහිතව උසාවියට කිව්වා.

, මමයි මගේ සහායක මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක මැතිතුමන් සහ ජනාධිපති නීතිඥ සුමන්තිරන් මැතිතුමයි, අපි තුන්දෙනාම පුද්ගලිකව පෙනී ඉඳලා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය අපේ කරුණු පිලි අරගෙන බැලූ බැල්මටම අප ඉදිරිපත් කරන කරුණුවල සත්‍යතාවය පිළි අරගෙන මේ වීසා මගඩියට තහනම් නියෝගයක් ඉදිරිපත් කළා. එහෙම කරලා කිව්වා පැරණි පැවති ක්‍රමවේදයට ගිහින් ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න කියලා.

එම අධිකරණනියෝගය පවතිද්දී මෙම ආගමන විගමන පාලකවරයා සහ මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා කඩාකප්පල්කාරී හැසිරීමක නිරතවන බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ ආගමන විගමන පාලක මේ නඩුවේ ප්‍රධාන වගඋත්තරකරුවෙක්. ඒ විතරක් නෙමෙයි එ් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් වගඋත්තර කරුවෙක්. ඒ දෙන්නම දැන් වංගු ගහනවා. මේ අලුත් පද්ධතිය නවත්වා පරණ තිබුණ ක්‍රමවේදයට යන්න කියලා නියෝගය ලබා දී තිබෙද්දි ඒක කඩාකප්පල් කරන්න වැඩපිළිවෙළක් තියනවා.

රවුෆ් හකීම් ඇමතිවරයා කීවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ ඇති රජයේ වගකීම් දරන නිල වෙබ් අඩවිය ආගමන විගමන පාලකවරයා විසින් මේ වනවිට පුද්ගලික සමාගමක් වෙත හරවා ඇති බවය. මෙය නීති විරෝධී මෙන්ම රාජ්‍ය වගකීම් අත්තනෝමතික ලෙස අවභාවිතය පිළිබඳ වූ අපරාධයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු පෙන්වා දුන්නේ මේ සිදුවන්නේ රටත්, නීතියත්, අයාලේ යවන එසේ මෙසේ මගඩියක් නොවන බවත් මේ කරන්නේ උසාවියට සාහසික ලෙස අපහාස කිරීමක් බවය.

මේ අපරාධයෙ තරම මම කෙටියෙන් කියන්නම්. වී.එෆ්.එස් සමාගම ඉන්දියා යන්න මැලේෂියා ඉඳලා වීසා නිකුත් කරන්න ගන්නේ ඩොලර් බාගයයි. තායිලන්තය – ඉන්දියා වීසා සඳහාත් ඩොලර් බාගයයි. ඒ කම්පැණියම එකම සේවාවක් සදහා ලංකාවට ආවට පස්සේ විසා එකක් සඳහා ඩොලර් 25යි. කොන්ත්‍රාත් කාලය සඳහා මේ ගනුදෙනුවෙන් අදාල සමාගම උපයා ගන්නා මුදල ඩොලර් බිලියන 2.75යි.

මම වගකීමෙන් කියනවා… මේ වගේ අය කරන්න මේ කොන්ත්‍රාත්තුව ටෙලි කොම් සමාගමකට දුන්නා නම් නම් ටෙලිකොම් වටිනාකම 4 ගුණයකින් වැඩි වෙනවා.

දැනට තියන කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් 1.4 බිලියනයයි. ඒ කියන්නේ අයි.එම්.එෆ් එක අපට දෙන ණය ආධාර මුදලින් තුනෙන් දළ වශයෙන් තුනෙන් එකටත් වැඩියි.

ප්‍රසම්පාදන ක්‍රමයක් නැතිව සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තමයි මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරගන්නේ. ඒ ලියැවිල්ලේ පද්ධතිය වැඩි දියුණු කරන්න වෙන් කළ ඩොලර් මිලියන 600ක මුදල ගැන සඳහනක් නෑ. මේ ගැන ප්‍රශ්න කරද්දි උසාවිය නීතිපති ඇවිත් කියනවා ප්‍රධාන ලියැවිල්ල පමණයි අවධානයට යොමු ගත්තේ ඇමුණුම් සැලකිල්ලට ගත්තෙ නෑ කියලා. පුදුම නීතිපති කෙනෙක්.

අවසාන වශයෙන් කියන්නේ මේ කළේ තමන්ගේ සාක්කුවට වැරදි ක්‍රියාමාර්ගයකින් විශාල මුදලක් ලබා ගැනීමට කරලා තියන වැඩක්. මේ නිසා මේ ක්‍රියාවලිය ප්‍රායෝගික කළ අප්‍රේල් මාසේ ඉඳලා රටට එන සංචාරකයො පහත වැටිලා තියනවා. උසාවි නියෝගයක අනුව යළි තිබුණු ක්‍රමයට යන්න තියන ප්‍රධාන ප්‍රවේශයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පුද්ගලික ආයතනයක වෙබ් අඩවියකට හරවලා අහුරලා තියනවා. ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා කියනවා තමන්ගේ ඉහළම තාක්ෂණ නිලධාරීන් මේ සඳහා ආගමන විගමන පාලකවරයා වෙත යොමු කළාම ඔවුන් කටයුතු ඉදිරියට ගෙනියන්න සහයෝගය දෙන්නෙ නෑ කියලා.

යළිත් වරක් මේ නිලධාරීන්ට කියන්නේ. උසාවි නියෝග ක්‍රියාත්මක නොකර වංගු ගහන්න හදන්න එපා. උසාවියට අපහාස කිරීම සම්බන්ධව ඔබලාට බරපතල වන්දියක් ගෙවන්න වේවි.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පැවසුවේය.


RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තරුණ IT ගුරුවරයෙකුගේ මළ සිරුරක් පාළු ළඳකින් හමුවෙයි!

Next Post

ප්‍රෙටල් 92ක රටට ගෙනත් තියෙන්නේ රුපියල් 195කට… ඩීසල් රුපියල් 200කට… අපිට ගහන බද්දේ තරම!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.