මනම්පිටිය නිමල් ජයරත්න –
23 වන ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදි රටවල් 22 කින් තරගයට සහභාගි වු ක්‍රීඩීකාවන් 26 දෙනෙකුගෙන් තෙවන ස්ථානය ලබා ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට වැලිකන්ද පොලිස් කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති මල්ලිකා ප්‍රියංගනී සමත් වූවාය.
ඉකුත් 05 වෙනිදා සිට 09 වෙනිදා දක්වා ඉන්දියාවේ ජවලහල් ලාල් නේරු ක්‍රීඩාංගණයේදි මෙම ක්‍රීඩා උළෙල පැවැත්විනි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් හාරසියකට වැඩි ප්‍රමාණයක් සහභාගි වූ මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක, ක්‍රීඩීකාවන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටි අතර අවුරුදු 55 -59 කාණ්ඩයෙන් මල්ලිකා ප්‍රියංගණි කිලෝමීටර් 05 දුර ඇවිදීමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තාය.
මල්ලිකා ප්‍රියංගනී රටටත් පොලිස් දෙපාර්තමේන්තුවටත්, ගෙනදුන් කීර්තිය හා ගෞරවය වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් හෙට (14 ) වැලිකන්ද පොලිස් ස්ථානයේදී සිදුකිරීමට නියමිතය.
වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ පී.ආර්. කුමාරසිංහ ඇතුළු පොලිස් නිලධාරීන්, වැලිකන්ද සිවිල් ආරක්ෂක බලකායේ නියාමක චිත්‍රානන්ද ගුණරත්න ඇතුළු විශාල පිරිසක් ඇයට සුබපැතුම් එක් කර ඇත.







