බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රතිපත්ති අමතක කර දමා විපක්ෂ දේශපාලනය මාළිමාවට එරෙහිව එකතු වුනොත් බොහෝ පලාත් පාලන ආයතනවල ජයග්‍රහණය ආණ්ඩුවට අභියෝගයක්?

by editor
මැයි 7, 2025
in පුවත්
ඡායාරූපය - අකිල ජයවර්ධන

ඡායාරූපය - අකිල ජයවර්ධන

Share on FacebookShare on Twitter

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කර තිබේ.මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 75,589 දෙනා අතුරින් සභිකයින් 8287 දෙනෙකු මෙම ඡන්ද විමසීමෙන් පළාත් පාලන ආයතන සඳහා තෝරා ගැනීමට නියමිත ය.

රාත්‍රී 12 වනවිට තංගල්ල නගර සභාව, හපුතලේ නගර සභාව, හම්බන්තොට මහ නගර සභාව අම්බලන්ගොඩ නගර සභාව, මාන්තෙහි නැගෙනහිර ප්‍රාදේශීය සභාව, බලන්ගොඩ නගර සභාව, වත්තේගම නගර සභාව, හික්කඩුව නගර සභාව, හම්බන්තොට ප්‍රාදේශීය සභාව, තුනුක්කායි ප්‍රාදේශීය සභාව, අම්පාර නගර සභාව, බෝපේ පොද්දල ප්‍රාදේශිය සභාව, රත්නපුර මහ නගර සභාව, හොරණ නගර සභාව, සූරියවැව ප්‍රාදේශිය සභාව,  සහ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

  • තංගල්ල ප්‍රාදේශීය සභාවේ ජගහ්‍රහණය ලද ජාතික ජන බලවේගය ඡන්ද – 2260කි. සමගි ජන බලවේගය – 1397කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 795කි. තංගල්ලෙන් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 09කි. සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 05කි. පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 3කි. සර්ව ජන බලයට සහ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසනය බැගින් ලැබී තිබේ. ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 09ක් හිමිවනවිට සෙසු පක්ෂවල මන්ත්‍රී ධූර ගණන 10කි.
  • බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාවේ ජයග්‍රහණය ස්වාධීන කණ්ඩායම් 01 විසින් හිමිකරගෙනය. ඡන්ද 1038ක් ලැබූ එම කණ්ඩායමේ සභිකයින් ගණන 05කි. ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රමාණය 844කි. සභිකයින් ගණන 04කි. සමගි ජන බලවේගය ඡන්ද 374ක් ලබාගෙන ඇති අතර සභිකයන් ගණන 2කි.
  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව වැඩිම ඡන්ද ජාතික ජන බලවේගයටය. ජාතික ජන බලවේගය – 4750කි. සමගි ජන බලවේගය ඡන්ද 3874කි. පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 1511කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1279 ක් හාසර්වජන බලය ඡන්ද 816ක් හිමි කරගෙන තිබේ. මේ ප්‍රතිඵලය මත ජාතික ජන බලවේගය සභිකයින් 08ක්, සමගි ජන බලවේගය සභිකයාන් 7ක්, පොදු ජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ආසන 03ක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සභිකයින් 2ක් සහ සර්වජන බලය සභිකයෙක් ලෙස දිනාගෙන තිබේ. විශේෂත්වය වන්නේ වැඩිම ආසන ප්‍රමාණයක් ලබා ගත්ත ද බොහෝ විට සමගි ජන බලවේගය වෙනත් පාර්ශවයක ආධාර සහිතව බලය පිහිටුවා ගත හැකි පදනමක් නිර්මාණය වීමය.
  • ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය ඡන්ද 5736ක කැපී පෙනෙන ඉහළ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත. සමගි ජන බලවේගය ඡන්ද 2934කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 553කි. ස්වාධීන කණ්ඩායම ඡන්ද 552ක් සහ සර්ජවජන බලය ඡන්ද 447ක් හිමි කරගෙන තිබේ. මෙම ප්‍රතඵලය මත අම්බන්ගොඩ නගර සභාවේ සභික ධූර 11ක කැපී පෙනෙ ජයග්‍රහණයක් ජාතික ජන බලවේගය ලබාගෙන ඇත. සමගි ජන බලවේගයට සභික දූර 5කි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සභික ධූර 03කි. සර්වජන බලය සහ ස්වාධීන කණ්ඩායම එක් ආසය බැගින් දිනාගෙන ඇත. මුළු සභිකයන් ගණන 22කි. ඉන් 11ක් ජාතික ජන බලවේගයේ වනවිට අනෙක් සියල්ලන්ගේම සභික ධූරවල එකතුවත් 11කි.
  • මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව උතුරේ ජන ප්‍රකාශ කළ මුල්ම ඡන්ද ප්‍රතිඵලය විය. එහිදී ආණ්ඩුව කරවන ජාතික ජන බලවේගය සිවුවන තැනට පත් වෙද්දි සමගි ජන බලවේගය දෙවැනි ස්ථානය අත් කරගෙන තිබිණි. වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණේ ඉලංකෙයි තමිල් අරුසු කච්චිය. ඔවුන් ලැබූ ඡන්ද 1346කි. සභිකයන් 04 කි. සමගි ජන බලවේගය ඡන්ද 990කි. සභිකයන් ප්‍රමාණය 3කි. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඡන්ද 808කි. සභිකයන් ගණන 02කි. ජාතික ජන බලවේගය ඡන්ද 607කි. සභිකයන් ගණන 02කි. ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ඡන්ද 500කි. සභික 02 කි.
  • රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සභිකයින් 07ක් සහිතව ඡන්ද 4833ක් ලබාගෙන මුල් තැනට ජාතික ජන බලවේගය පත් වී තිබේ. සමගි ජන බලවේගය ඡන්ද 3232කි. සභික ධූර 5කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1442කි. සභික ධූර 2කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 458කි. සභික  ධූර 1කි. ස්වාධීන කණ්ඩායම ඡන්ද 664 සභික එකකි. සමගි ජන බලවේගයට බලය පිහිටුවීම සඳහා මාලිමාවට වඩා අඩු සභික ධූර තුනකි.
  • මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව වැඩිම ඡන්ද ප්‍රමාණයක් සහිතව සභික ධූර 08ක් ජාතික ජන බලවේගයට හිමි වී තිබේ. ජාතික ජන බලවේගය ලැබූ ඡන්ද ප්‍රමාණය 2028 කි. සමගි ජන බලවේගය ඡන්ද 1289 සහිතව සභික ධූර 4ක් හිමි කරගෙන තිබේ. පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 499ක් හිමි කරගෙනය . සභික ධූර 2කි. සර්වජන බලය ඡන්ද 359ක් සහිතව සභික ධූරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 324ක් සහිතව සභික ධූරයක් හිමි කරගෙන ඇත.
  • ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය ඔසවා තබා ඇත. ජාතික ජන බලවේගය ඡන්ද 6133කි. සභික ධූර 09ක් හිමි කරගෙනය. සමගි ජන බලවේගය ඡන්ද 3159ක් සහිතව සභික ධූර 4ක් හිමි කරගෙනය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1820ක් ලබාගෙන ඇත. සභික ධූර 2ක් ද සර්වජන බලය ඡන්ද 1487ක් සහිතව සභික ධූර 2ක් ද,  ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 993ක් සහිතව සභික ධූරයක් ද, එක්සත් ජාතික පක්ෂය ඡන්ද 940ක් සහිතව සභික ධූරයක් ද හිමි කරගෙන තිබේ.
  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව විශිෂ්ට ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට හිමි වි ඇත්තේ ඡන්ද 9236ක් සහිතව සභික ධූර 8ක් ලබාගෙනය. සමගි ජන බලවේගය ඡන්ද 5349කි. සභික  ධූර 4කි.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3091කි. සභිකයින් 02කි. සර්වජන බලය ඡන්ද 812කි. සභිකයින් ගණන එකකි.
  • මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේයගය 5වන තැනටත්, සමගි ජන බලවේගය 4වැනි තැනටත් පත්වීම කැපී පෙනුනේය. වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චිය. ඡන්ද 1594කි. සභික ධූර 4කි. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඡන්ද 1082කි. සභික ධූර 3කි. ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ඡන්ද 804කි. සභික ධූර කි. සමගි ජන බලවේගය ඡන්ද 605ක් ලබා සභික ධූරයක් ද,  ජාතික ජන බලවේගය ඡන්ද 492 ක් සහිතව සභික ධූරයක් ද හිමි කරගෙන තිබේ.
  • අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය කැපී පෙනන ජයග්‍රහණයක් සහිතවය.
    ජාතික ජන බලවේගය ඡන්ද 6034කි. සභිකයන් 10කි. සමගි ජන බලවේගය ඡන්ද 2002 කි. සභිකයන් ගණන 03කි. ස්වාධීන කණ්ඩායම ඡන්ද 1129 කි. සභිකයන් ගණන 02කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 782 ලබාගෙන එක් සභිකයෙක් පත් වී ඇත.
  • ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ද විශිෂ්ට ජයග්‍රහණය මාලිමාවටය. ජාතික ජන බලවේගය ඡන්ද 16,828ක් සහිතව සභිකයින් 11ක් දිනාගෙන තිබේ. සමගි ජන බලවේගය ඡන්ද 7,297ක් ලබාගෙන සභිකයින් 04 දෙනෙක් පත් කරගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 4,444කි. සභික ගණන 03කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2,511කි. සභිකයින් ගණන 02කි.
  • රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර මහ නගර සභාවේ ඉදිරියෙන්ම ඉන්නේ මාලිමාවය. ජාතික ජන බලවේගය ඡන්ද 10,173කි. සභික ධූර 12ක් මාලිමාවටය. සමගි ජන බලවේගය ඡන්ද 5,271ක් සහිතව සභික ධූර 05කි. ඡන්ද 4,313 ලැබූ පොහොට්ටුවටත් සභික ධූර 05ක් හිමිය. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1805ක් ලබාගෙන සභික ධූර දෙක්ක දිනා ගැනීමටත් ඡන්ද 1038ක් සහිතව සර්ව ජන බලය එක් සභික ධූරයක් ද දිනාගෙන තිබේ.
  • කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් සහිතව ආසන 06ක් දිනාගෙනය. ඔවුන් ලැබූ ඡන්ද ප්‍රමාණය 2131කි. ස්වාධීන කණ්ඩායම් 01 ඡන්ද 1131ක් සහිතව සභික ධූර 2ක්,  සමගි ජන බලවේගය ඡන්ද 913ක් සහිතව සභික ධූර 2ක්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 854ක් සභික ධූර දෙකක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 271කින් සභික ධූරයක් හිමි කරගෙන තිබිණි.
  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුවත් අභියෝගයක් නැති ජයග්‍රහණයක් ජාතික ජන බලවේගය මාරත්ා කරන්නේ ඡන්ද 11451ක් සහිතව සභික ධූර 06ක් දිනාගෙනය. සමගි ජන බලවේගය ඡන්ද 5308ක් සහිතව සභික ධූර 2ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3136ක් සහිතව සභික ධූර 2ක් සහ පොහොට්ටුව ඡන්ද 1744 සහිතව සභික ධූරයක් හිමි කරගෙනය.

ඊයේ දිනය අවසන්වන විට මුක්කු ගසා ප්‍රතිපත්තියක් රහිතව බලය නොපිහිටවන බව ප්‍රකාශ කළ මාළිමාවට අභියෝගයක් වෙමින් මාලිමාව පරාජය කිරීමේ අරමුණින්ම එකතුවී බලය අත් පත් කරගැනීමට සූදානම බව එළිපිටම දක්වා ඇති දේශපාලන කණ්ඩායම් ඉදිරියට පැමිණ තිබේ. උතුරේ දී මාලිමාව අභිබවා සමගි ජන බලවේගයත් මතු වී තිබේ. ඊයේ දිනය තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ යටිබිම්ගත සැලැස්මට අභියෝග කර ඇතිදැයි දැන් අපට සිතෙන්නේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති අනුර ගැන අවමන් සහගත සාවද්‍ය ප්‍රකාශයක් කළ බව කියන තුසිත හල්ලොලුව හෙට උදේ CID වෙත කැඳවයි..

Next Post

අද උදේ වනවිට ප්‍රකාශිත සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙයන් 43.28% සහිතව ආණ්ඩුව ඉදිරියෙන්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.