ඉතා දුර්ලභ ගණයේ Phenakite වර්ගයේ මැණික් ගලක් මෙරටින් හමුවී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
මෙම මැණික් ගල ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම Phenakite මැණික බවත් බලංගොඩ ප්‍රදේශයෙන් මිලදී ගත් එම මැණික් ගල මේ වනවිට බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් වූ මොහොමඩ් පස්රීන් නසීර් සතුව තිබේ. ඔහු පවසා ඇත්තේ රට වටා ගොස් මැණික් එකතු කරන තමන් මෙම ගල විකිණීමට ගිය විට පළිඟුවක් ලෙස ඉවත් කළ බවත් ඒ වෙලාවේ දී නැවත මෙම ගල පමණක් පරීක්ෂා කළ විට එය දුර්ලභ මැණිකක් බව තහවුරු වූ බවත් ඔහු කීවේය.
“ මෙ මැණික් ගලේ නම මම ජීවිතේට අහලා තිබුණෙ නෑ…“ ඔහු මාධ්‍යයට කියා තිබිණි. ෙ
මෙම දුර්ලභ Phenakite මැණික් ගලේ බර කැරට් 616.90ක් වන අතර එහි මිල රුපියල් කෝටි 100ක් පමණ වන බවට දැනට තක්සේරු කර ඇති බවත් අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා ඔහුට සහතිකයක් ද නිකුත් කර තිබේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පැවසුවේ මෙම මැණික් වර්ගය ඉතා දුර්ලභ බැවින් එය අධික මිලකින් යුක්ත බවය. කෞතුක වශයෙන් මැණික් එකතු කරන්නන් විසින් මෙවැනි මැණික් ගල් වැඩි මිලකට මිලදී ගනු ලබන බවත් ඔහු පැවසීය.