ඉඳුනිල් කහටපිටිය –
දුක හිතෙන තාලෙට දෙවැනි තරගයත් පරාදය. පළවෙනි තරගය අතේ තියන එක දුන්නේය. දෙවැනි තරගය ඔවුන් අපට අත හැරී කැරකිලා වැටෙන්නටම දුන්නේය. දැන් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබෙද්දී අප තරගාවලිය පරාදය.
මවුන්ට් මන්ගනුයි හි බේ ඕවල් ක්රීඩාංගනයේ පැවති තරගය මේ සැරේ අප පරදින්නේ ලකුණු 45කින් පරාදය. කුඹුරු වගේ පිච් හදාගෙන ගෙදරට එන උන්ට හතර අතේ නෙළුවත් පිටරටකට ගිහින් මැච් එකක් දිනාගෙන පැමිණීම ස්වීප් එකක් ඇදෙනාව වගේ විරල වීම නම් මහා දුකක් උපදවනනේය.
මුල් තරගයේ මෙන්ම කාසියේ වාසිය දිනුවේ ශ්රී ලංකා කණ්ඩායමය. මුල් තරගයේ වගේම අප පන්දු යැවීම තේරුවේය. ඒ තේරීම නවසීලන්ත කණ්ඩාය තේරුමක් නැති තේරීමක් කළ ආකාරය දුටුවෙමු.
ආරම්භක පිතිකරු ටිම් රොබින්සනි් පන්දු 34ක දී 41කි. මාර්ක් චැප්මන් පන්දු 29ක දී ලකුණු 42කි. චැප්මන් සහ රොබින්සන් අතර දෙවැනි කඩුල්ල සඳහා සම්බන්ධතාවය ලකුණු 69කි. ග්ලෙන් පිලිප්ස් පන්දු 16ක දෟ ලකුණු 23කි. 6 වැනි ක්රීඩකයා ලෙස පිටියට එන මිචෙල් හායි පන්දු පැලුවේය. පන්දු 19කට ලකුණු 41කි.

පන්දු යැවීමේදී වයිඩ් පන්දු 8ක් යවා තිබිණි. ඒ කියන්නේ ඕවරයකුත් පන්දු දෙකක් වැඩිපුර යවා තිබිණි. මුලු අතිරේක ලකුණු ප්රමාණය ලකුණු 15කි.
වනිඳු හසරංග ලකුණු 28ට කඩුළු 02ක්, මතීෂ පතිරණ ලකුණු 37ට කඩුල්ලක්, නුවන් තුෂාර ලකුණු 25ට කඩුල්ලක් ලැබුවේය. නවසීලන්ත ඉලක්කය විස්සයි 20 තරගයක ජයග්රහණයක් සහතික කළ හැකි ලකුණු 186කි. ජයග්රහණයට ලකුණු 187ක් ලබා ගත යුතුය.
එහෙත් මේ තරයේදීත් බලාපොරොත්තු සහගත විශ්වාසයෙන් යුතුව ක්රීඩා කළේ පැතුම් නිශ්ශංක පමණි. පැතුම් පන්දු 28ක් තුළ හතරේ පහර 3ක් හයේ පහර 2ක් සහිතව ලකුණු 37ක් ලැබුවේය. ඒ පිතිකරණයේ විශ්වාසනීය පරිණතියක් තිබිණි. කුසල් පෙරේරා පන්දු 35ක් තුළ ලකුණු 48ක් ලැබුවා සැබෑය. නමුත් ඔහුගේ උඩ පන්දු දෙකක් පිටියේ දී ගිලිහී ගියේය. එක් දුවා ගැනීමේ අවස්ථාවක් ගිලිහුනේය. කුසල් පන්දුව කඩුල්ලේ වැදී දැවී යන්නේ හතරවැනි අවස්ථාවේ දීය. අද කුසල් පෙරේරාගේ දවස වුවද කුසල්ගේ වාසනාව පලක් කණ්ඩායමට පලක් වූයේ නැත.

චරිත් අසලංකගේ ලකුණු 20 හැරුණ විට අනෙක් එකෙක්වත් ලකුණු 10කට වඩා ගහන්නේ නැතිව දැවී ගියේය. කුසල් මෙන්ඩිස් 10කි. කමිඳු මෙන්ඩිස් 07කි. අවිශ්ක ප්රනාන්දු 05කික. වනිඳු හසරංග 01කි. මහීෂ් තීක්ෂණ ලකුණු ලබා ගත්තේ නැත. සියල්ලන්ම පන්දු ඕවර 19.1 දී දැවී යන්නේය. ඒ ලකුණු 141කට ය.
පන්දු යැවීමේ දී ශ්රී ලංකා ඉනිම කුඩු කළ ජාකොබ් ඩුෆී තමන්ගේ විස්සයි 20 අන්තර්ජාතික තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඒ පන්දු ඕවර 4 යවා ලකුණු 15කට කඩුළු 04ක් ලබා ගනිමිනි. මැට් හෙන්රි ලකුණු 31ට කඩුළු 2කි. මිචෙල් සැන්ට්නර් ලකුණු 22ට කඩුළු 2කි. මයිකල් බ්රෙස්වෙල් ලකුණු 30කට කඩුල්ලක්, සකාරි ෆොල්කස් ලකුණු 27කට කඩුල්ලක් ලැබුවේය.
තරගයේ තුන් ඉරියවු ගෞරවයම නවසීලන්තයටය. විලි ලජ්ජාව බේරාගන්නට ගහන තරගාවලියේ අවසන් තරගය දෙස අප බලාගෙන ඉන්නේ හිත හදාගන්නටය.







