අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පළමුව බිත්තරේද?  කිකිළියද?“  කුකුළු  කර්මාන්තයම ලොකු අවුලක !

by Lanka Sara Editor
දෙසැම්බර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බිත්තර දමන කිකිළියන් ගහණය මේ වනවිට මිලියන 7 සිට මිලියන 4 දක්වා අඩුවී ඇති  බවත් ඔවුන්ට සාපේක්ෂව කුකුලු පැටවුන් බිහි කරවන මාපිය කුකුළන්ද ගහණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවත්  කුකුළු නිෂ්පාදකයො පෙන්වා දෙති.  ඊට හේතු වී ඇත්තේ පසුගිය කාලය තුළ සත්ත්ව ආහාර මිල වැඩිවීම සහ බිත්තර පාලනය මිලකට යටත් කිරීම හේතුවෙන් මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් සිය කිකිළියන් මසට විකිණීම බව ඔවුහු පවසති.

ඔවුන් යළි සුපුරුදු රිද්මයට ව්‍යාපාරය ඉහළට එසවීමට අවම මට්ටමින් තව මාස හයක් පමණ ගත වන අතර පෙර  පැවති මිලට වඩා තුන් ගුණයක වියදමක් දරන්නට සිදුවන බව ඔවුහු පවසති.

“එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට අදහස් පළ කර ඇති සමස්ත ලංකා කුකුලු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ  මේ වන විට රටේ බිත්තර නිෂ්පාදනය අඩකින් පමණ පහළ ගොස් ඇති අතර එවැනි පසුබිමක් තුළ නත්තල් උත්සව සමය සහ සංචාරක ව්‍යාපාරයේ යළි පිබිදීම මත දෙසැම්බර් මාසයේදී බිත්තර මිලියන 15ක 20ක අතිරේක ඉල්ලුමක් පැමිණි අතර ඒ තත්ත්වය තුළ පැවති දැඩි ඉල්ලුම හමුවේ මිල ඉහළ ගිය  බවය.

කෙසේ වුවද ඔහු තවදුරටත් පවසන්නේ කර්මාන්තය යළි පෙර පරිදි ස්ථාපනය කිරීමට තවත් මාස ගණනාවක් ගතවිය හැකි අතර ඒ සදහා විශාල මුදලක්ද වැය කිරීමට කර්මාන්තකරුවන්ට සිදුව ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ සාමාන්‍යයෙන් බිත්තර දෙන කිකිළියන් කාණ්ඩයක් එම තත්ත්වයට පත් කිරීහට මාස පහ හමාරක් පමණ ගත වෙනවා. ඒ සඳහා රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් වැය වනු ඇතැයි මේ වනවිට ඇස්තමේන්තු කර තිබෙනවා. සත්ත්ව ආහාර මිල ඉහළ යාම ඇතුළු නිෂ්පාදන පිරිවැය හේතුවෙන් මෙම තත්ත්වයට පත්ව තිබෙනවා. නමුත් රුපියලේ අගය ස්ථාවරව පැවති පසුගිය කාලයේ මේ සඳහා වැය වුණේ රුපියල් ලක්ෂ 7ක් විතර. දැන්ම එය පස් ගුණයකින් පමණ වැඩි වී තිබෙනවා. රුපියල් 5000ට තිබුණු කුකුලු ආහාර කිලෝ ග්‍රෑම් 50 මිටියක් දැන් රුපියල් 13,000යි.

දැන් නිෂ්පාදකයන් කිකිළි පැටවුන් ඉල්ලුවත් ඔවුන් ලබා දෙන්න අබිජනන සමාගම්වලට හැකියාවක් නෑ. ඔවුන් ළඟත් දැන් ඉන්නේ සතුන් 42,000ක් පමණ. සාමාන්‍යයෙන් සතුන් 80,000ක්වත් සිටිය යුතුයි. ඒ අනුව බැලුවාම මෙම කර්මාන්තය හැම අතින්ම පවතින්නේ ලොකු අර්බුදයක. එයට විසදුමක් ලෙස පැටවුන් බිහි කරන සාඵල්‍යතාව සහිත බිත්තර ආනයනය කිරීම පිළිබදව මේ වනවිට අවධානය යොමු කර තිබෙනවා. “ යයිද පවසා තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන ණය සහනය කෙරෙන දීගයක් වෙයිද?

Next Post

ඌවේ පොඩි උන්ගේ මාරකය GMOA කියයි…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.