අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළමු මානුෂීය ආධාර සහිත ට්‍රක් රථ 20ක් ගාසා තිරයට… මේ ව්‍යසනය හමුවේ දිනකට ට්‍රක් රථ 100ක් වත් අවශ්‍යයි… එක්සත් ජාතීන් කියයි!

by editor
ඔක්තෝබර් 21, 2023
in පුවත්
රෆා හරස් මාර්ගය හරහා   ඊජිප්තු දේශ සීමාව ඔස්සේ  ගාසා තීරයට අතුළුවන  මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ...

රෆා හරස් මාර්ගය හරහා ඊජිප්තු දේශ සීමාව ඔස්සේ ගාසා තීරයට අතුළුවන මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ...

Share on FacebookShare on Twitter

දින 12කට පෙර ඊශ්‍රායලය විසින් ගාසා තීරය විනාශකාරී වැටලීමක් ආරම්භ කිරීමෙන් පසු හදිසි මානුෂීය ආධාර රැගත් පළමු ට්‍රක් රථ පෙළ, අද (21) ඊජිප්තුවේ සිට එන්ක්ලේව් වෙත ඇතුළු විය.

මේ ඇතුළුවීම සිදුවන්නේ පලස්තීනයේ බටහිර ඉවුර ද ඉලක්ක වන පරිදි රාත්‍රිය පුරා සිදුකරනු ලබන ඊශ්‍රයාල ප්‍රහාර මාලාවකින්  සිය ගණනක් නිරායුධ පලස්තීන සිවිල් වැසියන් ඝාතනයවන  අතරවාරයේය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ සතිය මුලදී කියා සිටියේ ආධාර ට්‍රක් රථ 20 ක් ඊජිප්තු දේශ සීමාවේ   ගාසා හි රෆා දේශසීමා ස්ථානය හරහා ගමන් කිරීමට ඊශ්‍රයාලය සමග එකඟතාවයකට පැමිණ ඇති බවය. ඊයේ  ඔහු කීවේ   එම පළමු ට්‍රක් රථ සමූහය පැය 48 ක් ඇතුළත ගාසා තීරය වෙත ගමන් කරනු ඇති බවය.

මානුෂී්‍ය ආධාර සහිත ට්‍රක් රථ පෙළ…

සහන ලබා දීම සඳහා වූ කොන්දේසි පිළිබඳව දින ගණනාවක් පැවති  රාජ්‍ය තාන්ත්‍රික පොරබැදීමෙන් පසු දැඩි ලෙස ශක්තිමත් කරන ලද දේශ සීමා සහිත ගාසා ප්‍රදේශයට  පැමිණුන පළමු ට්‍රක් රථ 20 න් 15 ක් රතු කුරුස සංගමය හා අනුබද්ධ පලස්තීනයේ  මානුෂීය සංවිධානයක්  වන රෙඩ් ක්‍රිසන්ට් සංවිධානය   විසින් පරීක්ෂා කර භාර ගෙන  ජනගහණය අධික ප්‍රදේශවෙත යැවීමට සූදානම් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ, පලස්තීන රෙඩ් ක්‍රසන්ට් සංවිධානය වෙත    ලැබෙන සහ බෙදා හැරීමට නියමිත එක්සත් ජාතීන්ගේ  ජීවිතාරක්ෂක සැපයුම් මෙම  රථ සමූහට ඇතුළත් වූ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දකුණු ගාසා නාගරයේ ජනාවාස ගොඩනැගිලි ඊශ්‍රයාල ගුවන් ප්‍රහාරවලින් විනාශ වී ඇති අයුරු..

බෙදා හැරීමට ඖෂධ සහ සීමිත ආහාර ප්‍රමාණයක් ඇතුළත් වූ නමුත් ඊට  ඉන්ධන ඇතුළත්ව නැතැයි  ගාසා තීරය පාලනය කරන   හමාස් සංවිධානය පවසා තිබේ.    පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙම  ඉන්ධන නොමැතිකම ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් ඇතුළු රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන අයුරුය. රොයිටර් වාර්තා කරන ආකාරයට  ඉන්ධන නොමැතිකම  මත ගාසාහි  වෛද්‍ය මධ්‍යස්ථාන 14ක් දැනටමත් මෙහෙයුම් අත්හිටුවා ඇත.

මෙම මානුෂීය ආධාර ප්‍රමාණය  ගාසා තීරයේ අත්‍යාවශ්‍ය  දේවලින් කුඩා කොටසක් පමණක් බවත්,  ඊශ්‍රායලයේ “සම්පූර්ණ වටලෑම” නිසා එහි මිලියන 2.3 ක ජනතාවට ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන හිඟ වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙය මහා මානුෂීය ව්‍යසනයක් බවය.  එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව හදිසි  ජීවිතාරක්ෂක අවශ්‍යතා ආවරණය කිරීම සඳහා දිනකට අවම වශයෙන් ට්‍රක් රථ 100 ක් අවශ්‍යය. “ ඕනෑම ආධාර මෙහෙයුමක් පරිමාණයෙන් තිරසාර විය යුතුයි ..”   එක්සත් ජාතීන්ගේ නිලධාරීහු පවසති –

ඊශ්‍රායලය දිවා රාත්‍රියේ විනාශකාරී බෝම්බ හෙලීමත් සමඟ දැන් එය තවත්  ඉහළ මට්ටමක පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

16 වසරක් රාජ්‍ය ගිණුම් ප්‍රකාශවල තිබුණු රුපියල් බිලියන 8199ක රාජ්‍ය වත්කම්වලින් රුපියල් බිලියන 5530ක වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කර නෑ…   විගණනය කියයි!

Next Post

බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලැබෙයි… නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා පිල කඩුළු 05කින් දිනුම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.