අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලැබෙයි… නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා පිල කඩුළු 05කින් දිනුම්…

ප්‍රේක්ෂාගාර හිස්... තරගය පැරදුනත් ලකුණු සහටහනේ නෙදර්ලන්තය අපට උඩින්..

by editor
ඔක්තෝබර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක  වාර්තා සහිත පරාජය මාලාවකට පසු යන්තමින් ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායමට හැකි වූයේය.   අද ලක්නව් හි නෙදර්ලන්තයත් සමග තරගයේ දී  ආයාසකර සටනකින් පසු කඩුළු 05ක ජයග්‍රහණයක් අත් කරගැනීමෙනි.  ඒ කෙසේ වුවත් තරග වැදුනේ තරගාවලියේ තරග කරන 10 වැනි සහ 09 වැනි කණ්ඩායම් දෙකය. එවැනි තරගයක් බලන්නට ක්‍රීඩා ලෝලීන් වුවත් සූදානම් නැත. තරගය පැවැත්වුනේ ප්‍රේක්ෂකයන් නැති හිස් ක්‍රීඩාගර සහිතවය.  අපට අපේ ක්‍රිකට් ගැන දුක හිතෙන අවස්ථාවක් පසු කරමින් ජයග්‍රහණය ලබා ඇත්තෙමු. 

අන්තිමයන්ගේ තරගයේ හිස් ක්‍රීඩාගාර…

මේ තරගයේ දී ද ශ්‍රී ලංකා ඉනිමේ වගකීම් විරහිත පිතිකරණය ගැන ජාත්‍යාන්තර විස්තර විචාරකයෝ දැඩිව අවධාරණය කළහ.  ඉතාම අනවශ්‍ය ලෙස පහරක් එල්ල කිරීමට ගොස් තීරණාත්මක අවස්ථාවක චරිත් අසලංක කඩුල්ල කුඩු කරගත් ආකාරය ගැන මේ සංවාදය තියුණුව ඇති වූයේය.

ධනංජයත් ජයග්‍රහණය පෙනි පෙනී කඩුල්ල පූජා කළේ ඉතාම අනවශ්‍ය වෘත්තීය බවින් තොර විසිලු සහගත ආකාරයටය. මේ වැරදි ලෝක කුසලාන වැනි තරගාවලියක වෘත්තීය ක්‍රීඩකයින් විසින් සිදු නොකළ යුුතු ආකාරයත් පෙරහර යනවා සේ එකා පිට එකා බිඳ වැටෙන්නේ මේ  පුදුම සහගත නොසැලකිල්ල නිසා බවත් ජයග්‍රහණය කළ තරගයේදීත්  ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුවේය.

තරගයේ කාසියේ වාසිය දිනුවේ නෙදර්ලන්ත කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදීම තේරූහ. නෙදර්ලන්ත කණ්ඩායමේ ද මුල් පෙළ බිහිසුණු ලෙස බිඳ වැටිනි. කඩුළු 6ක් බිඳී ගියේ ලකුණු 96කට ය. පෙනුන ආකාරයට ලකුණු 150කට පෙර සියල්ලන්ම දැවි යන ලකුණු පෙනුණි.

සයිබ්‍රන්ඩ් ඉන්ගෙල්බ්‍රෙච්ට් සහ ලොගන් වැන් බීක්

එහෙත් හත් වෙනි කඩුල්ල වෙනුවෙන් සයිබ්‍රන්ඩ් ඉන්ගෙල්බ්‍රෙච්ට් සහ ලොගන් වැන් බීක් ලකුණු 125ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගූහ. හත් වෙනි කඩුල්ල දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව 221කි.  දැවී ගියේ සයිබ්‍රන්ඩ් ඉන්ගෙල්බ්‍රෙච්ට් ය. ඔහු මනරම් ලකුණු 70ක් පන්දු 82ක් තුළ රැස් කළේය. ඊට අයත් වුයේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් පමණි.  ලකුණු 40ක් ඔහු රැස් කර තිබුණේ කඩුළු අතර දිවීමෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලකුණු 59ක් පන්දු 75ක් තුළ ලැබූ ලොගන් වැන් බික් පන්දු 75ක් තුළ ලකුණු 59ක් ලැබුවේය. ඔහු එල්ල කර තිබුණේ එක් හයේ පහරක් සහ එක් හතරේ පහරක් පමණි.  එනම් ලකුණු 10කි. ලකුණු  49ක් රැස් කර තිබුණේ කඩුළු අතර දිවීමෙනි.  ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවයේ ප්‍රමාණය අපට කියා දුන්නේය.

මෙම තරගයේ තවත් ඛේදවාචකයක් වූයේ අතිරේක ලකුණු 33ක් ලබා දිමය.  ඒ අතර වයිඩ් පන්දුවලින් නෙදර්ලන්තයට ලබා දුන් ලකුනු ප්‍රමාණය 26කි.

නෙදර්ලන්ත කණ්ඩායම ලකුනු 262කට දැවී ගියහ. ඒ පන්දු ඕවර 49.4ක් තුළය. කෙසේ වෙතත් මේ අවසන් ලකුණ කරා නෙදර්ලන්ත කණ්ඩායම පැමිණි රිද්මය ඔවුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එල්ල කළ ප්‍රහාරය සිහි කළේය.

පන්දු යැවීමේ දී වැදගත්ම දේ වූයේ මෙතෙක් විශ්වාසය ඇති කර නොගත් කසුන් රාජිත සුපුරුදු   ලකුණු 50කට කඩුළු 04ක් බිඳහෙලුවේය. එහෙත් ඔහු ලබා දුන් වයිඩ් ලකුණු  ප්‍රමාණය 06කි.  දුෂාන් මධුසංක විශ්වාසය තහවුරු කරගත්තේය. ඔහු පන්දු ඕවර 9.4ක දි ලකුණු 49ට කඩුළු 04කි. මහීෂ් තීක්ෂණ ලකුණු 44ට කඩුල්ලකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රාහි ඉලක්කය වූයේ ලකුණු 262කි. කුසල් පෙරේරා ලකුණු 05කට දැවී ගියේය.  විශිෂඨ පිතිකරණය නියැලෙමින් සිටිය දී දසුන් ශානක වෙනුවට නායකත්වය භාරගත් කුසල් මෙන්ඩිස් සිය නායකත්වය යටතේ දෙවැනි වරටද පිතිකරණයෙන් ෆේල් වුනේය.  ඔහු පන්දු 17කට ලකුණු 11ක් ලබා සිටිය දි  ආර්යන් දත්ට ගොදුරුවූයේය.

එහෙත් ලකුණු 52කට කඩුළු 02ක් බිඳි ගිය අවස්ථාවේ දි පැතුම් නිශ්ශංකට එක් වූ  සධීර සමරවික්‍රම තුන් වැනි කඩුල්ල වෙනුවෙන් බලාපොරොත්තු සහගත පිතිකරණයක යෙදුනේය. ලකුණු 52ක සම්බන්ධයක් අවසානයේ දී පැතුම් නිශ්ශංක ලකුණු 54කට දැවි යන්නේය. ඔහුගේ ලකුණු 54ට හතරේ පහර 09ක් ඇතුළත් විය.

පැතුම් සහ සධීර

මුළු නෙදර්ලන්ත ඉනිමේම එල්ල වී තිබුනේ හතරේ පහර 13ක් පමණි.  පැතුම් පමණක් සිය ලකුණු 54ට හතරේ පහර 09ක් එල්ල කර තිබිණි.

අනතුරුව  සධීර සමග එක්වන චරිත් අසලංක යහපත් සම්බන්ධතාවයක් සහිත ඉනිම ගොඩනගමින් සිටිය දී සිය අර්ධ ශතකය මුවවිට සිටිමින් ඉතාම ප්‍රාථමික පහරක් එල්ල කර කඩුල්ල කුඩු කරගත්තේය. ඔහු තමන්ට හුරු පිතිකරණ රිද්මයට පැමිණ තිබුණු බවක් පෙනුනේ නැත. පන්දු 60ක දි ලකුණු 44ක් ලබාගෙන සිටටිය දි ඔහු දැවී යන්නේය. ඔහු දැවී යන්නේ ලකුණු 181 දී ය.

අනතුරුව පිටියට පැමිණි ධනංජය ද සිල්වා සමග සධීර සමරවික්‍රම ජයග්‍රහණය මුවවිටටම කණ්ඩායම රැගෙන ආවේය. එහෙත් ජයග්‍රහණයට ලකුණු 07ක් පමණක් පන්දු 19ක දි අවශ්‍ය  කිසිම කලබයක් විය යුතු නැති අවස්ථාවක ඔහු ඉතාම ප්‍රාථමික ලෙස  දැවී ගියේය. කඩුළු 05ක් දැවී යන්නේ එලෙසය.

අසලංකගේ දැවී යෑම…

විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ සධීර සමරවික්‍රම පන්දු 107ක් තුළ ලකුණු 91ක් ලැබුවේය. ඒ හතරේ පහර 07ක් සමගිනි.

පන්දු 10ක් ඉතිරිව තිබිය දි ශ්‍රි ලංකා කණ්ඩායම ඉලක්කය පසු කළේය. කඩුළු 05කින් ජයග්‍රහණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු මානුෂීය ආධාර සහිත ට්‍රක් රථ 20ක් ගාසා තිරයට… මේ ව්‍යසනය හමුවේ දිනකට ට්‍රක් රථ 100ක් වත් අවශ්‍යයි… එක්සත් ජාතීන් කියයි!

Next Post

තිරිසන් නරුමයන්ගේ හක්ක පටස් බෝම්බයට මුව කුඩු වී පණ අදින අම්මා ලඟ දැවටෙන අලි සිඟිත්තා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.