මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් වූ බිම්සානි ජාසිංහආරච්චි මහත්මිය පත්විමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනකු විසින් ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කාන්තා සමාජ ක්‍රියාකාරීන් අතර විශාල විරෝධයක් නිර්මාණය වෙමින් තිබේ.
මේ විරෝධතා දක්වන පිරිස අතරට එක්වූ මෙරට ප්‍රදාන පෙළේ සමාගම් සමූහයක ප්‍රථම සමූහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් වූ හේමාස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරිනි කස්තුරි විල්සන් සෙල්වරාජා මහත්මිය අද තමන්ට නියෝජ්‍ය පොලිස්පතිවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ටිවිටර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළාය.
තනතුර සඳහා ස්ත්‍රි පුරුෂ සමාජ භාවය ආදළ නොවන මතයේ සිටින කස්තුරි විල්සන් මහත්මිය ඇය බිම්ෂානි මහත්මියගේ අයිතීන් රැකිය යුතු බව අවධාරණය කරන්නිය.
එසේම බිම්සානි ජාසිංහආරච්චි මහත්මියට සහය පළ කරමින් විවිධ සමාජ තලවල කාන්තා ක්රියාකාරිණියන් සමාජ මාධ්‍ය තුළ බලපෑම් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති අතර එයින් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන් පිරිසක් විසින් ඇයගේ පත්විම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගත් අධිකරණ ක්‍රියාමාර්ගය දැඩි සේ විවේචනය කර තිබුණි.