බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහර දුන්නේ යැයි බොරු චෝදනා කරන බව කියමින් මහින්දානනන්ද ගුණතිලක රාජපක්ෂට විරුද්ධව නඩු දාන්න යයි!

by editor
ජූනි 14, 2024
in පුවත්
MAHINDANANDA
Share on FacebookShare on Twitter

රන්ජිත් රාජපක්ෂ –

තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට  එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ   ඒ බැව් කියා සිටියේ අද (14) දින නාවලපිටිය ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක්  කැඳවමිනි. ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පැවසුවේ මහින්දානන් අලුත්ගමගේ තමන්ට ගැහුවේ නැති බව කියන කතාව අමූලික බොරුවක් බවත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් කටයුතු කරන බවත්ය. එමෙන්ම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රටට හෙළිදරව් කරන බව ද ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි.  මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය දරනු ලබන්නේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා විසිනි.

ඔහු හා මහින්දානන්ද අලුත්ගමගේ අතර පැවති විරසකය තීව්‍ර වී පසුගිය 03 වැනිදා දැඩි ආරවුලක් ඇතිවීමෙන් පසු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කකුලක් බිඳී ඔහුව සැත්කමකට භාජනය කර තිබිණි. දින 10ක ප්‍රතිකාර කාලයකින් අනතුරුව ඔහු නිවසට පැමිණියේ ඊයේ දිනයේ ය.

ඊයේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ තමන්ට පහර දුන් බවට ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධව තමන්ගේ පාර්ශවයෙන්  අදහස් දැක්වීමට  මහින්දානන්ද අලුත්ගමගේ  අද කැඳවූ පුවත්පත් සාකච්ඡාවේ දී ඔහු කීවේ තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහර දුන් බවට ඔහු කරන  අසත්‍ය චෝදනාවට එරෙහිව තමන් නීතිමය පියවර ගන්නා බවය.

එහිදී අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“පාර්ලිමේන්තු මන්ත්‍රී  ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්විමේදි මා ඔහු පහර දුන් බවටත් පහර දිමෙන් ඔහුගේ පාදයට බරපතල තුවාල සිදු වු බවටත් ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ සහ ගුණතිලක රාජපක්ෂ අවස්තා හතරකදි මාධ්‍යය හරහා මට චෝදනා කර තිබුණා.”

“මම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා , මම මගේ නිතිඥයවරයාට උපදෙස් දුන්නා එම දෙදෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න කියලා.”

“ගුණතිලක රාජපක්ෂ මහතා එදින රාජ්‍ය නිලධාරින් ඉදිරියේදි පරුෂ වචනයෙන් බැන වැදුණා , මම ඔහුට උපදෙස් දුන්නා රාජ්‍ය නිලධාරින් ඉදිරියේ එහෙම හැසිරෙන්න එපා කියලා.”

“එතනදි බහින් බස් විමක් තමයි ඇති වුණේ.  පසුව ඔහු විසින් පොලිසියට භාර දිලා තියෙනවා ඇසින් දුටු සාක්ෂිකරුවන් සිව්දෙනෙක් මම ඔහුට පහර දුන්නා කියලා.”

“ඒ තමයි පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් , කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සහන් ප්‍රදිප් , කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  මදුර විතාන යන අය.. පොලිසිය විසින් මේ අයගෙන් සාක්ෂි සටහන් කරගෙන තියෙනවා.”

“මේ කිසිදු අයෙක් පොලිසියට සාක්ෂි දිලා නැ මම ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දුන්නා කියලා . පසුව පොලිසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්විම තිබුණ ස්ථානයේ පරික්ෂණයක් කරලා තියෙනවා එහිදිත් කිසිදු සාක්ෂියක් ලැබිලා නෑ.”

“එතුමා මේ කරන්නේ වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවයක්.  ඒ සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා , මම ඒ සම්බන්ධයෙන් නිතිමය පියවර ගන්නවා.” යනුවෙන් පැවසිය

Tags: නවතම
Share69Tweet43
Previous Post

බඹර ප්‍රහාරයකින් සිසුන් 21ක් රෝහල්ගත කරයි… 04කට අසාධ්‍යයයි!

Next Post

නීතිඥයෙක් රාජකාරියට බාධා කළ බව කියමින් පොළොන්නරුව සුරාබදු නිලධාරීහු පොලිසිය යති!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.