විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් 20% ක් පමණ පසුගිය වසර කිහිපය තුළ වඩා වැඩි වැටුප් සහ දීමනා සහිත ආකර්ෂණීය රැකියා අවස්ථා වෙනුවෙන් පිටරටවලට සංක්‍රමණය වී ඇති බව නවතම වාර්තා උපුටා දක්වමින් විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.
පසුගිය අවුරුදු තුන තුළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙක් වඩා ඉහළ වැටුප් අවස්ථා වෙනුවෙන් පිටරටවලට සංක්‍රමණය වී ඇති අතර, එම සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්‌ඩලයේ සම්පූර්ණ ඉංජිනේරුවන්ගෙන් 20% ක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න පවසයි.
ඔවුන්ගෙන් 85% ක් විදුලි ඉංජිනේරුවන් වන අතර 8% ක් යාන්ත්‍රික ඉංජිනේරුවන් 7% ක් සිවිල් ඉංජිනේරුවන්ය. මේ අතරින් බොහෝ දෙනා ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, අයර්ලන්තය වැනි රටවල තරගකාරී රැකියා අවස්ථා හිමිකර ගැනීමට සමත් වී ඇත.
ලෝකය පුරා ලංවිම ඉංජිනේරුවන්ගේ තාක්ෂණික ප්‍රාගුණ්‍යය, ගැටළු නිරාකරණය කිරීමේ හැකියාව සහ විදුලිබල ක්ෂේත්‍රයේ කටයුතුවල නායකත්වය වඩ වඩාත් පිළිගැනීමට ලක් වෙමින් පවතින බවත්, මෙම නැඹුරුව ශ්‍රී ලාංකික විදුලි ඉංජිනේරුවන්ගේ ගෝලීය වටිනාකම සහ අන්තර්ජාතික ප්‍රමිතියට අනුගතවීමේ තරගකාරී හැකියාව පිළිබිඹු කරන සාධකයක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.







