කීර්ති ප්‍රනාන්දු
ඊයේ (18 ) පෙරවරු 8.30 සිට අද (19 ) පෙරවරු 8.30 දක්වා ස්වයංක්‍රීය වර්ෂාව මාන මධ්‍යස්ථාන මගින් දැනට වාර්තා වී ඇති පරිදි වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 212.5 ක් ලෙස පුත්තලමෙන් වාර්තා වී තිබේ.
කැස්බෑව මිලිමීටර් 204.5ක්, රත්මලාන මිලිමීටර් 144.1 ක්, කොළඹ 07 මිලිමීටර් 113.0ක්, සහ අවිස්සාවේල්ල මිලිමීටර් 107.0ක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවදුරටත් බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 ට වඩා තද වැසි ඇති විය හැකි බවත් සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය ,මන්නාරම , දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවන බවත් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය සඳහන්වේ .
මේ වනවිට බස්නාහිර සහ වයඹ පළාත සඳහා තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් රතු නිවේදන නිකුත් කර තිබේ .
අද පෙ:ව 10.45ට මීටර් දශම 1 බැගින් තවත් ගේට්ටු දෙකක් විවෘත කිරීමත් සමග මේ වන විට ජලාශයේ පිටවානේ ගේට්ටු පහකින් තත්පරයට ඝන මීටර් 18.5ක ජල ධාරිතාවක් නිකුත් කරමින් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරයා පවසයි.







