සමන්තිකා වීරවර්ධන –
මිනිස් පරිභෝජනයට අහිතකර ආහාරපාන මෙට්ට්‍රික් ටොන් 5ට අධික ප්‍රමාණයක් විනාශ කිරිමට පසුගිය දින කීපය පුරා කටයුතු කර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
වෙළදපොලේ අලෙවි වුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු අල, ලූණු, මිරිස්, කහ, පොල්තෙල්, ඇතුළු ආහාර පාන විශාල තොගයක් මෙසේ විනාශ කිරීමට කටයුතු කළ බව සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
අප්‍රේල් 1 වන දින සිට 7 වන දින දක්වා කාලය තුළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 2000ට ආසන්න පිරිසක් රටපුරා කරන ලද පරික්ෂා කිරීම් වලදී මෙම භාණ්ඩ සොයාගත් බව ඔහු පැවසීය.
වෙළදපොල පරික්ෂණ අඛණ්ඩව සිදුකරමින් යන බවත් පාරිභෝගිය ජනතාවද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්නැයිද සංගමය ජනතාවට දැනුම් දී සිටියි.