මනම්පිටිය නිමල් ජයරත්න –
දිට්වා සුළි කුණාටුව හා කාලගුණ විපර්යාසය පිළිබඳව රටට හා මහජනතාවට දැනුම් දීමේ වගකීම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් පැහැර හැර ඇති බව සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තිය සංගමයේ සභාපති එම්.ජී.පාලිත උපුල් කුමාර ප්‍රකාශ කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සුළි කුණාටුව නිසා බේරා ගැනීමට තිබු විශාල ජීවිත හා දේපළ ප්‍රමාණයක් රටට අහිමි වූ බවද පාලිත උපුල් කුමාර සඳහන් කළේය.
අද (14 ) දිඹුලාගල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාලිත උපුල් කුමාර එම කරුණු අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තිය සංගමයේ සභාපති පාලිත උපුල් කුමාර මෙසේද සඳහන් කළේය.
” ගම්පොළ නුවරඑළිය ප්‍රදේශවල ජීවිත විශාල වශයෙන් රටට අහිමි වුණා. ඒ වගේම ව්‍යාපාරික විනාශ වෙලා කෝටි ප්‍රකෝටි ගණන් රටට අහිමි වුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 11 වෙනිදා මේ කාලගුණ නිවේදනය නිකුත් කළා… ඔවුන් ඒ බව ලිඛිතවත් දැනුම් දුන්නා. ඊට පස්සේ 18 වෙනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා මේ අවපාතය තාවකාලිකව දිවයිනෙන් බැහැර වෙනවා කියලා.
නැවතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා 21 වෙනිදා සුළි කුණාටුව සක්‍රීය වෙමින් පවතිනවා කියලා. ඒවගේම 27,28 වෙද්දී මේක පීඩන අවපාතයක් බවට පත්වෙනවා කියලා දැනුවත් කිරීමක් කළා. ඒවගේම පැය දොළහක කාලයක් තුළ මේක සුළි කුණාටුවක් බවට පත්වෙනවා කියලා රටට දැනුම් දිලා තිබුනා.
සුළි කුණාටුව වර්ධනය වෙලා මේ රටේ ජන ජීවිත අඩාල වෙනකොට ඒ ජන ජීවිත නැවත ගොඩනැගීමේ භාරදූර කාර්ය තියෙන්නේ අපට අපිට. ඒ කියන්නේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ නිවේදනය ලිඛිතව දැනුවත් කරන කොට, ජනතාව ගංගා නිම්නවලින් සහ අවදානම් ස්ථානවලින් සහ කඳුවලින් ඉවත් කිරීමේ වගකීම තියෙන්නේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයට. හැබැයි අපේ කරුමෙට හෝ මේ රටේ ජනතාවගේ කරුමෙට ආපදා කළමනාකරන මධ්‍යස්ථානයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් ඒ වගකීම පැහැර හැරියා කියලා අපි විශ්වාස කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සුළි කුණාටුවෙන් අපේ රටේ බේරගන්න හිටිය ජනතාව පවා බේරගන්නට බැරි වුණේ”
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා ඇතුළු පහළ නිලධාරින් ලබාදුන් උපදෙස් මත, ආයතන සියල්ල එකතු කරලා ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන ක්‍රියාවලිය හමස් පෙට්ටියට දැම්මා, ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි දිට්වා සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදෙන තීරණය අපට හා රටට සන්නිවේදනය නොවෙන්නේ. මේ තීරණය අපට සන්නිවේදනය වුනා නම් අපි හඳුනා ගෙන තිබෙන අවදානම් ප්‍රදේශ වලින් ජනතාව කලින් ඉවත් කර ගන්න, “
“හැබැයි ඒ නිවේදනය දිස්ත්‍රික් ලේකම්තුමාට, ප්‍රාදේශීය ලේකම්තුමාට, වගේම ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙච්චර ජීවිත හා දේපළ විනාශයක් සිදු වුණේ “ යැයි ද උපුල් කුමාර වැඩිදුරටත් සඳහන් කළේය.”







