බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පවුල් වෛද්‍ය සේවය දියුණු කරමින් කරන්න යන සුපිරි වෙනස… දොස්තර මාෆියාව කැරළි නොගැසුවොත් රටම ගොඩ….

by editor
මාර්තු 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දියුණු රටක ඇති සෞඛ්‍ය ක්‍රම පද්ධතිය බඳු විශිෂ්ට ක්‍රම වේදයක් තුළ සමස්ථ පුරවැසියාට රජය සපයන සෞඛ්‍ය සේවාව ලබාදීමේ ක්‍රමවේදයක් නව රජය විසින් හඳුන්වා දෙන්නට සැරසේ.

පවුලේ වෛද්‍යවරයෙක් මුල් කරගෙන සිදුකරන මෙම සෞඛ්‍ය සේවාව පිහිටුවීමට මින් පෙරත් අවස්ථා ගණනාවක දී යම් යම් උත්සාහ දරනු ලැබුව ද එය ප්‍රායෝගික නොවුනේ මේ වනවිට පුද්ගලික වෛද්‍ය සේවා හරහා රටේ නිර්මාණය වී ඇති සෞඛ්‍ය මාෆියාවේ බලපෑම මතය.

විශේෂඥ වෛද්‍යවරුන් මූලික රෝගවලට ප්‍රතිකාර කරමින් ස්වකීය විශේෂඥභාවය සම්බන්ධ වගවීම අමතක කර ඇති ආකාරය මේ රටේ පවුල් වෛද්‍ය සේවය විසින් අවස්ථා ගණනාවක අවධාරණ කරනු ලැබුවේය. සෞඛ්‍ය පද්ධතියේ ඇති අධික වැය බර සහ කළමනාකරණ ක්‍රමවේදය පහසු කිරීමට ලෝකය පිළිගත් සම්මත ක්‍රමවේදය ආදේශ විය යුතු බවට වූ කථිකාව මේ වනවිට ප්‍රායෝගික කිරීමට නව රජය සූදානම් වෙමින් ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා දියුණු කර සෞඛ්‍ය පද්ධතිය ක්‍රමවත් කරන්නට යන ආකාරය සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. මේ කටයුත්ත ප්‍රායෝගික කරන්නට අපේ රටේ වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයින් ඉඩ ලබාදෙනු ලැබුවහොත් මේ කරන්න යන ඉතිහාසගත වෙනස මේ රට සුවපත් කරනු ඇත.

ප්‍රාථමික සෞඛ්‍ය සේවය දියුණු කිරීම සඳහාත් ඒ හරහා මහජනයා සුවපත් කිරීම සඳහාත් ආණ්ඩුව දියත් කර ඇති වැඩපිළිවෙළ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති නිහාල් අබේසිංහ අද පාර්ලිමේන්තුවේ දී මෙසේ පැහැදිලි කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැගීමේදි අප බලාපොරොත්තු වෙන්නේ ජනගහණයේ පන්දහසක පමණ ප්‍රමාණයකට පවුලේ වෛද්‍යවරයක් පත් කරන්න. අපේ මේ පවතින ක්‍රමය අනුව ප්‍රතිකාර කරගන්න හදන්නේ තමන් තමන්ම. නැතිනම් පවුලේ අය කතා කරලා. එහෙමත් නැතිනම් තමන් දන්න කෙනෙක් එක්ක කතා කරලා තමයි තීන්දුවක් තීරණයක් ගන්නේ. කොහොමද ප්‍රතිකාර ගන්නේ කියලා. අප බලපොරොත්තු වෙන්නේ රජය ඒ පිළිබඳ වගකීම ගන්න.

දැන් ප්‍රතිකාර ගන්නේ පුද්ගලික තීරණයකට. නමුත් පවුලේ වෛද්‍යවරයෙක් පත් කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රදේශයේ ජනතාව  ඒකකය සමග ලියාපදිංචි වෙලා යම් කිසි තීන්දුවක් තීරණයක් ගන්නකොට යම් කිසි අසනීපයකට ප්‍රතිකාර ගන්න ක්‍රමය පිළිබඳව වෛද්‍යවරයා අර කණ්ඩායමත් එක්ක කතා කරලා තමයි ඒ තීන්දුව තීරණය ගන්නේ. එතකොට හොඳ මග පෙන්වීමක් ලැබෙනවා.

දැන් තියන තත්ත්වය අනුව තමන් වෛද්‍යවරයෙක් හොයාගෙන තමන්ම පෞද්ගලික අංශයට ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරයෙක් මුණගැහැලා තමන්ම කරන කාර්යය පහසු කිරීමක් ඒ අය රැකබලා ගැනීමක් තමයි පවුලේ වෛද්‍යවරයාගෙන් කෙරෙන්නේ.

මෙවැනි ක්‍රමයක් නැති නිසා ඇත්තටම දැන් වෙන්නේ බොහෝ පිටපලාත්වල පර්යන්තයේ ඉන්න ජනතාව නාගරික ද්විතියික හා ත්‍රිතියික රෝහල්වලට එනවා. එහෙම උනාම මේ ද්විතියික හා තෘතියික රෝහල්වල තදබදයක් ඇති වෙනවා.

ඒ තදබදය නිසා මෙතෙක් කරපු ආණ්ඩු කළේ ඒ ආයතන තව තවත් දියුණු කළා. මෙන්න මේක නිසා නගරයේ රෝහල් සාපේක්ෂව දියුණු වුනා. නමුත් පර්යන්ත රෝහල් කිසිම කෙනෙක් භාවිතා නොකරන මට්ටමට ආවා. ඇත්තටම ඒ රෝහල් දියුණු කිරීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සඳහා පවුලේ වෛද්‍යවරයෙක් පත් කිරීම තමයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ මූලික අවශ්‍යතාවය.

ඒකෙන් අපට ඕවර් ක්‍රවුඩින් අඩු වෙනවා. පර්යන්තයේ ඉන්න ජනතාවට තමන්ගේ සේවාවන් තමන්ගේ ඒකකය සහ පවුලේ වෛද්‍යවරයා හරහා කරන්න පුලුවන්.

මේක නිසාම නාගරිකව පවතින ප්‍රධාන රෝහල්වල අවශ්‍යතාවය ඉටු කරන්න ගිහින් දැන් පහසුකම් සහ වෛද්‍යවරු සහ අනෙකුත් නිලධාරීන් නාගරිකවම කොටු වෙලා තියනවා.

උදාහරණයක් ගත්තොත් අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා 2726ක්. මින් සියයට 37ක් ඉන්නේ බස්නාහිර පළාතෙ. බස්නාහිර පළාතේ ඉන්න අයගෙනුත් සියයට 69ක් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. හේතුව නාගරිකව සංකේන්ද්‍රීය වූ රෝහල්වල පහසුකම් වැඩි කරන්න ගිහින් ඕවර් ක්‍රවුඩින් නිසා පර්යන්තයේ සේවාවන් අමතක වෙලා තියනවා. මේ නිසා තමයි අපි  පවුලේ වෛද්‍යවරයෙක් යෝජානා කරන්නේ.

ඒ හරහා අපට දැන් විශාල අර්බුදයක් වෙලා තියන බෝ නොවන රෝගවලට විශාල පිටුවහලක් ලැබෙනවා. පවුලේ වෛද්‍යවරයා සහ එයාගේ කණ්ඩායම හරහා මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියක් කණ්ඩායමේ ඉන්නවා. ඒ ගොල්ලන්ට පුලුවන් වෙනවා ප්‍රාථමික මට්ටමේදිම බෝ නොවන රෝග පාලනය කරන්න.

ස්ටෙප් සර්වේ එක කියනවා වයස අවුරුදු 18 – 69 අතර දියවැඩියාව සියයට 14කට අධි රුධිර පීඩනය සියයට 34ක වැළඳලා. විශාල ප්‍රමාණයක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා. මරණවලින් සියයට 70ක් තියෙන්නේ බෝ නොවන රෝග. වකුගඩු රෝගය පැතිරෙන ප්‍රදේශ තියනවා. පිළිකා රෝගය ඉහළ ගිහින් තියනවා. 2021 දි 37753ක් පිළිකා රෝගීන් වාර්තා වෙලා තියනවා. 2040 දි අපේ රටේ ජනගහණයෙන් සියයට 25ක් වයෝවෘද පුද්ගලයින්. මේ අනුව විශාල ප්‍රමාණයක් බෝ නොවන රෝගවලට ගොදු වීමේ ඉඩකඩ වැඩි වෙනවා. මේ නිසා තමයි අපට වැදගත් වන්නේ පවුලේ වෛද්‍යවරයෙක් සහිත පවුල් වෛද්‍ය ඒකකය සහ පර්යන්තයේ තියන රෝහල්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කරලා ඒවයින් අපට අදාල සේවය ලබා දෙන්න.

පිළිකා රෝගීන්ට වයස්ගත වන අයට,  අද අවශ්‍යයි සහන සේවා.
සහන සේවාවලට අධික වියදමක් දරන්න වෙනවා. ඒකට සෑහෙන මිලක් දරන්න වෙනවා. ඒක කරන්නේ පුද්ගලික අංශයෙන්. නමුත් අපි පවුල් වෛද්‍ය ඒකකය ගොඩනැගුවාම අනිවාර්යයෙන්ම එතන ඒ සේවාවන් සහන සේවාවන්. බෝ නොවන රෝග පාලනය කරන සේවාවන් අපට හැකියාව ලැබෙනවා. පවුල් වෛද්‍ය ඒකකය ඒ ප්‍රදේශයේ තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග සහයෝගයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩකටයුතු, තුවාල වීම් වලක්වන එක කරන්න පුලුවන් විශේෂයෙන්ම රෝහල්ගතවීම් ගත්තොත් මිනිස්තුවට 08ක් රෝහල්ගත වෙනවා තුවාල නිසා.
රෝහල්වලට වැඩියෙන්ම ඇතුළත්වන්නේ ඉන්ජරි නිසා. මිලියන 1.3ක්. සියයට 15ක් 20ක් විතර. 2021 දි හදිසි අනතුරුවලින් 10,600ක් මිය ගිහින් තියනවා.

මේ කරුණු ගත්තම අපි විශ්වාස කරනවා අපි සපයන්න උත්සාහ කරක ප්‍රාථමින ප්‍රාථමික සෞඛ්‍ය සේවාව හරහා පවුලේ වෛද්‍ය සේවය හරහා එම ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් ලියාපදිංචි කරලා ඒ අයට එදිනෙදා ජීවිතයේ අවශ්‍ය කරන මාර්ග උපදෙස් සැපයීමට, ඊට පස්සේ රෝගාතුර වුනාම යායුතු රෝහල පිළිබඳව තීන්දු තීරණ ගැනීමට, ඒ අයට අවශ්‍ය කරන ගමන් පහසුකම් සැපයීමට, පසු විපරම් කිරීමට කටයුතු කිරීම තමයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා දියුණු කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.

මෙන්න මේ හරහා තමයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමෙන් දැන් සපයන සේවාවන්, ඩෙංගු මර්ධනයට හා අනෙකුත් වසංගත රෝග මර්ධනයට ඒ සේවාවන් ඒ ආකාරයෙන්ම තියාගෙන මේ ආයතන දෙකේ සහයෝගයෙන් අද නාගරිකව පුද්ගලික රෝහල් හරහා, එහෙම නැතිනම් නගරයේ තිබෙන ආයතනවලට ඇවිල්ලා මේ ලබා ගන්නා සේවාව ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කිරීමෙන් පර්යන්තයේම තමන් ඉන්නා තැන ඉඳන්ම ලබා ගන්නා සේවාවක් ලෙස තමයි අපි ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 25ක මැණික්මල්ලට දීපු ගේම කෝප් කමිටුවේ දී අතේ පත්තුවුන හැටි…. ( වීඩියෝ සහිතයි)

Next Post

වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරු….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.