13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කළ තමන් එම සංශෝධනයෙන් බලය ලබාගෙන පිහිට වූ පළාත් සභාවන්හි අමාත්‍යවරයෙක් වීම දෛවයේ සරදමක් බව ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර කියයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) පලාත් සභා හා පලාත් පාලන රාජ්‍ය ඇමතිවරයා ලෙස සිය ධුරයේ වැඩ භාර ගනිමිනි.
කෙසේ නමුත් මොනම පදනමකින්වත් පලාත් සභා වෙත පොලිස් හා ඉඩම් බලතල තම ධුර කාලය තුළ ලබා නොදෙන බව ඔහු සඳහන් කළේය. එමෙන්ම පළාත් සභාව ව්‍යුහය තුළ ඇති ආකාර්යක්ෂම ස්වරූපය හා අඩුපාඩු ප්‍රමාණය හැකි උපරිමයෙන් නිවැරදි කර වඩාත් යහපත් සේවයක් ජනතාව වෙත ලබා දෙන තැනට පළාත් සභා පත් කරන බව ඔහු ප්‍රකාශ කළේය.







