හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සිය පළමු මහජන උත්සවයට අද (18)සහභාගී විය.
සිය සොයුරා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය නිමිත්තෙන් අභයාරාමයේ සංවිධානය කර තිබූ ආගමික උත්සවයකට ගෝඨාභය රාජපක්ෂ එක් වී සිටියේය.
කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු හිමිවරු පිරිත් සජ්ඣායනා කර යළි ගෝඨාභය රාජපක්ෂට සෙත් පතා පිළිගත්හ.







