අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිස්සමින් හුස්ම ගන්න… කොළඹට දුන්න මාරක පණිවිඩයේ ඇතුළු පැත්ත…

by editor
දෙසැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ මෙහෙම හෙණයක් පාත් වී තිබුණේ නැත.

“මේ මොහොතේ තිබෙන වායු තත්ත්ව දර්ශකය අනුව මිනිස්සුන්ට හුස්ම ගන්න සුදුසු තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ප්‍රවේසම් වෙන්න ඕනේ.“

“හෘදයාබාධ, අංශභාග, ශ්වසන රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. ගැබිනි කාන්තාවන්, ළඳරුවන් සහ වැඩිහිටියන්ට දැඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. පුළුවන් තරම් ගෙදරම ඉන්න පුළුවන් නම් හොඳයි. ඇදුම රෝගීන්ට මේ තත්ත්වය ඉතාමත්ම ප්‍රබල ලෙස බලපානවා. මෙවැනි තත්ත්වයකදී මරණයට පවා ලක්විය හැකියි.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන කීවේ එසේය.

කොළඹ ඇත්තේ හුස්ම ගන්නට හිතකර තත්ත්වයක් නොවේ. ඉතිහාසයේ මුල්ම වතාවට හුස්ම ගැනීම මරණීය අවදානමක් නිර්මාණය කර තිබුණේ එසේය. ,

.“වායුගෝලයේ තත්ත්වය යහපත් නෑ… කොළඹ පාසල් දරුවො පන්ති කාමරවලම ඉන්නවා නම් හොඳයි. එළිමනේ ක්‍රීඩා පිට්ටනිවල ක්‍රියාකාරකම් පුලුවන් තරම් අවම කරන්න. “

තවත් කුමක් කිව යුතුදැයි වැටහෙන්නේ නැත. දරුවෙකුට එළියට බැස හුස්ම ගැනීමේ අවදානම මුල්ම වරට අපට දැනුනේය.  අධ්‍යාපන අමාත්‍යාංශය හෙට පාසල් නිවාඩු දුන්නේය.

මේ ලියන මොහොත වනවිට අපට සැතපුම් 1500ක් දුරින් ඇති දිල්ලි නගරයේ දූෂිත වායු ගෝලයේ තත්ත්වයට කොළඹ පත් වී ඇත.   බෙංගාල බොක්කේ පවතින අඩුපීඩන තත්ත්වයත් සමග සුළං හැමීමේ වෙනසක් සිදුවී එම විස වායු ධාරා    දකුණු දෙසට හමා විත් තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද දහවල් වනවිට කොළම ඇතුළු ප්‍රධාන නගර කීපයක පැවතියේ මරණීය අඳුරකය.   මිහිදුමෙන් වැසී ගියාක් මෙන් පෙනුණත් ගලාවිත් තිබුණේ මීදුම නොවේ.  කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රිජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, වැනි මාරක විෂ සහිත වායූන්ගෙන් අධි සාන්ද්‍රිත දූෂිත වායු ධාරාය.  එම නගරවල  වායුගෝලයේ  දූෂණය සීඝ්‍රයෙන් ඉහළ ගියේය.

නවදිල්ලිය ආසන්නයේ ඉහළ අගයකින් වායු දූෂණය වී තිබුණේ යාබද ප්‍රනාත්වල ගොවීන් අස්වනු නෙලීමෙන් අනතුරුව අවශේෂ පිලිස්සීම,  දීපාවලී ආගමික උත්සවය වෙනුවෙන් ගිනිකෙළි දැල්වීමෙන් පිටවූ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායුන් අධි ඝනත්වයෙන් වායුගෝලයට එක් වීම, වැනි හේතූන්ය. සාමාන්‍යයෙන් වායු ඝණ මීටරයක අහිතකර වායු අංශු තිබිය යුත්තේ 50කට අඩුවෙනි. නමුත් දිල්ලියේ ඒ තත්ත්වය සිවු අට ගුණයකින් වැඩිය. ඝණ මීටරයක අහිතකර වායු අංශු 400ක් හමුවේ. අද කොළඹ පැවතියේ දිල්ලියට සමාන තත්ත්වයකි.

අද රටේ පැවති තත්ත්වය

යම් ප්‍රදේශයක වායු ගුණ තත්ත්ව දර්ශකයේ 0 සිට 50 දක්වා දැක්වෙනවා නම් එය යහපත් වායු තත්ත්වයකි.  51 දැක්වෙන්නේත්  දූෂිත වූ වායු තත්ත්වයක් ලෙසය.

වායු ගුණ තත්ත්ව දර්ශකයේ 151 ඉක්මවන්නේ නම් එය ප්‍රබල අයහපත් වායූ දූෂණ තත්ත්වයකි.  අද උදේ  08 වනවිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවට අනුව  කොළඹ නගරයේ  වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගය 246කි.   තත්ත්වය ඔබ සිතා ගත යුතුය.

වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගය 237ක් ලෙස මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තාවුණි. වව්නියාව දිස්ත්‍රික්කයේ අගය 229කි.   යාපනය දිස්ත්‍රක්කයේ 226කි.  ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 214කි.

කළුතර දිස්ත්‍රික්කයේ 186ක් ලෙසත්, රත්නපුර 166ක් ලෙසත්, කෑගල්ල 163ක් ලෙසත්, පොළොන්නරුව 160ක් ලෙසත්, බදුල්ල 154ක් සහ මහනුවර 151 ලෙසත් සටහන්වී තිබුණි. අද අප ගත කළේ හුස්ම ගැනීමත් අවදානමක් වූ රටකය.

පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් ජාසිංහ මේ සංකීර්ණයේ ස්වරූපය පැහැදිලි කළේය.

.”අහිතකර අංශු වැඩි වශයෙන් ඒකරාශී වීමෙන්  ශ්‍රී  ලංකාවේ වායුගෝලීය තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා.   වර්ධනය වී ඇති   කුණාටු තත්වය නිසා ඉන්දියාවේ දූෂිත වායුගෝලයේ ඇති   දූවිලි අංශු වායු ධාරා සමග පැමිණෙමින් තියෙනවා.

මේ අංශු ඝණත්වය වැඩිවෙලා තියෙන්නෙ අපේ ප්‍රශ්නයකින් නොවෙයි.    මේ තත්ත්වය අපට පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. ජාත්‍යාන්තරව පාලනය කළ යුතු ප්‍රශ්නයක්. සිදුවී ඇත්තෙ රටවල් වල දේශසීමා අභිබවා යන දූෂණයක්.

අප හිතනවා දින කීපයකින් මේ තත්ත්වය පාලනය වේවි.  වයස්ගත උදවිය, කුඩා දරුවන්. හදවත් රෝගීන්, පෙනහළු රෝගීන්, අසාත්මික තත්ත්වයන් තියනවා නම් අඩුවෙන් නිවෙස්වලින් එළියට බහින්න. මුව ආවරණයක් පළදින්න.

ඉන් එහාට කළ හැකි දෙයක් නෑ.

පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ අප ජීවත්වෙමින් ඇත්තේ මොනතරම්  අස්ථාවර ලෝකය ද යන්නය.

පරිස්සමින් හුස්ම ගන්න… එය හුස්ම වැටෙන මිනිහෙකුට දිය හැකි බිහිසුණුම අවවාදය බව සිතමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටකජු විසිකළොත් ලැබෙන්නෙ වඳුරන්ට – සාගර කාරියවසම්ගෙන් අලුත් ඇමතිකම් ගැන වඳුරු උපහැරණයක් !

Next Post

අය වැයට පෙර බැසිල් රනිල්ව හමුවී වරයක් ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.