ශ්‍රියානි විජේසිංහ –
කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ පමණක් සිදුකරන විශේෂිත පරික්ෂණයන් සැලකිය යුතු කාලයක සිට නතර වී තිබියදී ඒ පිලිබඳව අවධානය යොමු නොකර සෞඛ්‍ය බලධාරින් විශාල මුදලක් වැය කරමින් වෛද්‍ය පර්යේෂණායතනයේ නම වෙනස් කිරීමට මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රතික්‍රීයක නොමැති බව පවසමින් අත්‍යවශ්‍ය පරික්ෂණ ගණාවක් නතර විම හේතුවෙන් ඇතැම් රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවි ඇතැයිද එම ආරංචි මාර්ග පෙන්වාදේ.
පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර කර ගැනිමට නොහැකි වූ ඇතැම් රෝගීන්ගේ ජීවිත මේ වන විට ඉතා අවදානම් තත්තවයකට පත්ව ඇති බවද වාර්තාවේ.
වෛද්‍ය පර්යේෂණායතනය වෙත කොළඹ ජාතික රෝහලේ ඇතැම් වාට්ටු මගින් යොමුකරන රෝගී නිදර්ශකවලට සිදුවන්නේ කුමක්ද යන වග හෝ ඇතැම් අවස්ථාවලදී සොයා ගැනීමට නොහැකි වන බව ලංකාසර කළ විමසුමකදී කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු පැවසුවේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම ආයතනයක් දෙක තුළ පෙර තිබී සම්බන්ධිකරණය ඉතා දරුනු ලෙස බිදවැටිම මෙයට හේතුව වී ඇති බවයි.
කෙසේ නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනය ආරම්බ කර වසර 125ක කාලයක් ගතවෙද්දී ලොව පුරා ප්‍රචලිත වී ඇති එම නාමය වෙනස් කිරිමට අවශ්‍ය වී ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න පිලිබඳව ගැටලුවක් වී ඇතැයිද අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් අප වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්යක්ෂවරයා සම්බන්ධකර ගැනීමට ගැනීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ විය.







