නිමල් ජයරත්න –
පොළොන්නරුවට ඇදහලෙන ධාරානිපාත වර්ෂාව සමග පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අඩි දෙක බැගින් විවෘත කිරීමට කටයුතු කළ බව පොලොන්නරුව ආපදා කළමනාකාර කාර්යාලය අද (29) නිවේදනය කළේය.
මේ වනවිට ඉන් තත්පරයට ඝණ අඩි 25,000 ක ජල ධාරිතාවයක්,මහවැලි ගඟට මුදාහැරෙන බව ද ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කළේ
මනම්පිටියේ දී මහවැලි ගඟ පිටාර ගැලිමෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු අද (29) පෙරවරු 11ට පමණ සම්පූර්ණයෙන්ම කර දැමීමට පොළොන්නරුව ආරක්ෂක අංශ කටයුතු කළේය.








