මනම්පිටිය නිමල් ජයරත්න –
අද ( 11) සවස පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඔරු ගිය පියෙකු සහ පුතෙකු ඔරුව පෙරළී සිදුවූ අනතුරින් පරාක්‍රම සමුද්‍රයේ ගිලි මිය ගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
අද සවස 5.30ට පමන සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ බටහිර නයිනමඩම ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 72 ක් ඩබ්ලිව්. සුනිල් ප්‍රනාන්දු හා ඔහුගේ පුතු වන 38 වියති තාරක සදරුවන් ප්‍රනාන්දු යන අය බව පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි,
බැඳිවැව ඥාති නිවසකට පැමිණ ඔවුන් දෙදෙනා සමග පස්දෙනෙකු දියනෑමට ගොස් ඇති අතර එහිදී ඔරු පැදීමට ගියවිට ඔරුව පෙරළී පිය පුතු මෙම අනතුරට මුහුණ දී ඇති බවද පොලිසිය කියයි,
මෘත ශරීර මේ වනවිට පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය පිළිබඳ පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගගේ උපදෙස් මත පොළොන්නරුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකර







