පකිස්ථානයේ සුපිරි ක්‍රීඩක බාබර් අසාම් පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
තමන් මෙම ඉල්ලා අස්වීම පිළිබඳව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා සිටියේ පසුගිය මාසයේ බව ද ඔහු පවසයි.
බාබර් අසාම් පවසන්නේ පකිස්ථාන කණ්ඩායමට නායකත්වය ලබා දීමට ලැබීම මහත් වූ ගෞරවයක් බවය.
නායකත්වයේ භාරදූර වගකීමෙන් ඈත්ව බිඳවැටෙමින් ඇති සිය පිතිකරණය යථාවත් කරගැනීමත් තමන්ගේ පවුලේ සාමාජිකයන් සමග සැලකිය යුතු කාලයක් ගතකිරීමේ අවශ්‍යතාවයත් පෙන්වා දෙමින් අසාම් පවසන්නේ සිය උපරිමය කණ්ඩායමට ලබා දෙමින් එහි යහපත ප්‍රාර්ථනා කරමින් කණ්ඩායම සමග රැඳීම තම අභිලාෂය බවය.







