අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් ඇතැයි වාර්තා වේ.
පක්ෂ නායකයන් නොවන පිරිසක් ද මෙම හමුවට පැමිණ ඇති නිසා තමන් එම රැස්වීමෙන් ඉවත් වන බවත්, අනවශ්‍ය තත්වයක් ඇති කර අග්‍රාමාත්‍යවරයා අපහසුතාවයට පත් කිරීමේ අභිලාෂයක් තමන්ට නැති බවත් ඔවුන් විසින් අගමැතිවරයා වෙත දැනුම් දී තිබේ.
තම නිලධාරීන් හරහා ඒ බව තහවුරු කරගත් අගමැතිවරයා ඉදිරියේදී වෙනම අවස්ථාවක පක්ෂ නායක හමුවක් නැවත කැඳවන බව සඳහන් කර ඇත.







