පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 මන්ත්‍රීවරුන් ඒකාබද්ධව පිහිටුවනු ලැබූ නව සන්ධානය ලබන 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
නව සන්ධානයේ සභාපතිවරයා ලෙස විමල් වීරවංශ කටයුතු කරන අතර එම සන්ධානයේ නායකත්ව මණ්ඩලයක් යටතේ මෙහෙයවනු ලබයි.
පිහිටවීමට නියමිත යෝජිත නව සන්ධානයේ වර්ණය කහපාට වන අතර එහි නම 21 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් වනු ඇත.
දැනට සන්ධානය පිහිටුවීමෙන් පසු එය සමග එක්වීමට විපක්ෂයේ මෙන්ම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මේ වනවිට එකඟතාවය පලකර තිබෙන බව එහි පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසීය.
ලබන 21 වැනිදා ප්‍රකාශයට පත්කරනු ලබන සිය දේශපාලන සන්ධානය රටේ ප්‍රබලතම දේශපාලන බලවේගය බවට පත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ අනුව ඉදිරියේ දී පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට නව සන්ධානය යටතේ තරග කර විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගන්නා බවත් ඔහු සඳහන් කළේය.