බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරාගත් ජනපතිගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය දෙන්න

මිරිසවැටිය විහාරාධිකාරී, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ කියති

by Lanka Sara Editor
ජනවාරි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සැම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිසවැටිය විහාරාධිකාරී නාහිමියන් අද (08) පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

රට විශාල ණය බරකට මුහුණ දී තිබිණ. එහෙත් ඒ සියල්ල කළමනාකරණය කරමින් ජනතාවට වසංගත බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවකාශය ලබා දීම ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වා ගෙනයාමට ජනාධිපතිවරයාගේ එම වැඩපිළිවෙළ ආත්ම ශක්තියක් ලබා දී ඇති බව ඥානතිලක හිමියෝ පැවසූහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නැවත රට වැසීමට ඉඩ නොතබා ස්වයං විනයක් පනවා ගෙන ජීවත් විය යුතුය. එමෙන්ම ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය වීම සියලු දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

අනතුරුව ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිවරයාට විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නාහිමියෝ සෙත් පිරිත් සජ්ඡායනා කර ආශිර්වාද කළහ. ජනාධිපතිතුමා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ උන්වහන්සේ දැනුවත් කළේය.

ජනාධිපතිවරයා අනුරාධපුරය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ලොව ඉහළම ඉල්ලුමක් පවතින නොරිටාකේ පිඟන් භාණ්ඩ, ජපාන ආයතනයක් විසින් මෙරට දී නිෂ්පාදනය කෙරේ. මෙම තත්ත්වය වටහා ගනිමින් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් ටයිල් මෙරට දී නිෂ්පාදනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඉදිරි වසර තුළ මෙරටට අවශ්‍ය ටයිල් අවශ්‍යතාව දේශීය ආයතන විසින්ම ලබා දෙනු ඇතැයි ජේතවනාරාමාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නාහිමියන් බැහැ දුටු අවස්ථාවේ ජනාධිපතිවරයා සඳහන් කළේය.

කාබනික පොහොර වගාවන්ට ගොවි ජනතාව දිරි ගැන්වීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිතුමා ජේතවනාරාමාධිපති හිමියන්ට පැහැදිලි කර දෙනු ලැබීය.

අභයගිරිය විහාරයට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිකාරී, ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන් බැහැ දැක උන්වහන්සේ සමග ද පිළිසඳරක නිරත විය. අනුරාධපුර පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ පහසුව උදෙසා නිවැරදි ප්‍රවාහන සැලැස්මක් සහිතව සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාව උන්වහන්සේ පෙන්වා දුන්හ. විශාල, මධ්‍ය සහ කුඩා වැව් තුන්දාහස් තුන්සිය විසිදෙකක් රජරට කලාපය සතුය. ඒවා ප්‍රතිසංස්කරණය කර කෘෂි ආර්ථිකයට දායක කර ගැනීමට ඇති හැකියාව උන්වහන්සේ සිහිපත් කළහ. නිසි වේලාවට නිවැරදි තීන්දු ගැනීම ජනාධිපතිතුමාගෙන් මහා සංඝරත්නය අපේක්ෂා කරන බව ද රතනසිරි හිමියෝ පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 13ක්….

Next Post

අගමැති අනඳ නාහිමි කුලපති උපහාර පුදයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.