අද උදේ පානදුර සිට නෙල්ලිගල පුදබිම වන්දනා කිරීම සඳහා පැමිණි නඩයක් සහිත බස් රථයක් ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 48ක්, මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර තිබේ.
කඳුකර ප්‍රදේශයේ දී වාහනය මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
අනතුරට මුහුණ දී කිසිම තුවාලයක් සිදු නොවූ 06 දෙනෙක් නෙල්ලිගල විහාරස්ථානයේ රැඳී සිටිති.
පේරාදණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







