අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර රෝගීන් බඩගින්නේ ඉන්නට නියමිතයි…  රෝහල්වලට ආහාර ද්‍රව්‍ය සැපයුම් කරුවෝ සැපයුම් අත්හරින්න සැරසෙති…..

අවුරුදු 20ක් තිස්සේ රෝහල්වලට සැපයුම් කරනවා... කවදාවත් මෙහෙම දෙයක් වුනේ නෑ....

by editor
මාර්තු 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් යටතේ දවසක පාඩුව රුපියල් 75000යි. ව්‍යාපාර නවත්තලා එල්ලිලා මැරෙන්න වෙයි…

අසාමාන්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා මහනුවර,පේරාදෙණිය හා සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහල් වලට අහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සිදුවන බව සැපයුම් කරුවෝ නිවේදනය කරති.

ඔවුන් මේ තත්ත්වය නිවේදනය කළේ ඊයේ (21) මහනුවරදී    මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ජනවාරි මස ටෙන්ඩරයක් මගින් මහනුවර,පේරාදෙණිය හා සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහල් වලට   ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගත්   ජනතා ෆුඩ් ආයතනයේ චන්න ජයවික්‍රම  මෙහිදී ප්‍රකාශ කළේ   ටෙන්ඩරය ලබා ගන්නා අවස්ථාවේ පැවැති මිල ගණන් හා අද පවතින මිල ගණන්  අහසට පොළොව තරමට ඉහළ ගිය තත්වයක් තුළ   එකඟ වූ මිල ගණන් වලට කිසිසේත්ම ආහාර ද්‍රව්‍යය සැපයිය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

වසර 20 ක පමණ කාලයක් මෙම රෝහල් වලට කිසිදු ගැටලුවකින් තොරව ආහාර ද්‍රව්‍යය සැපයීම් සිදුකළ බවත් කිසිදු දිනක මේ ආකාර තත්ත්වයක් ඇතිව නොමැති බවත් හෙතෙම පැවසුවේය.

බිත්තර,කුකුළු මස් හා පරිප්පු වැනි ආහාර ද්‍රව්‍යය රෝහල් වලට සැපයීම මේවන විට සීමාකර තිබෙන බවත් අදාළ ගැටලුවට විසඳුම් නොදී සෞඛ්‍ය අමාත්‍යාංශය කල්මරමින් සිටින බවත් ඔහු පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ආහාර ටෙන්ඩරය මගින් දිනකට රුපියල් 75000.00 ක පමණ මුල්‍යමය පාඩුවක් සිදුවන බවත් යම් මිල සංශෝධනයකට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ නොවුනහොත් රෝහල් වලට ආහාර ද්‍රව්‍ය සැපයීම සම්පූර්ණයෙන්ම නතර කරන බවත් චන්න ජයවික්‍රම කීවේය.

රජය විසින් මිල පාලනය ඉවත් කිරීමත් සමඟ බරපතල ලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් වැඩිවී තිබෙන බවත් ජනවාරි මස රුපියල් 400.00 ට ගත්  කුකුළු මස් කිලෝව දැන් 900.000 ක් බවත් රුපියල් 160.00 ට තිබූ පරිප්පු  කිලෝව දැන් රුපියල් 430.00 ක් බවට පත්ව තිබෙන බවත් ඔහු කීවේය.

මෙම මිල ගණන් යටතේ ආහාර සැපයීමෙන් සිදුවන්නේ තම ව්‍යාපාර වසා දැමීමට බවත් අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සර්ව පාක්ෂික සමුළුවට දේශපාලන පක්ෂ ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ආණ්ඩුව  මෛත්‍රීට පවරයි…

Next Post

ෂර්ලි සමරසිංහගේ “පියාඹන්න ආයෙත්“ මාධ්‍ය දර්ශනය දා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.