-
මේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් යටතේ දවසක පාඩුව රුපියල් 75000යි. ව්‍යාපාර නවත්තලා එල්ලිලා මැරෙන්න වෙයි…
අසාමාන්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා මහනුවර,පේරාදෙණිය හා සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහල් වලට අහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සිදුවන බව සැපයුම් කරුවෝ නිවේදනය කරති.
ඔවුන් මේ තත්ත්වය නිවේදනය කළේ ඊයේ (21) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
ජනවාරි මස ටෙන්ඩරයක් මගින් මහනුවර,පේරාදෙණිය හා සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහල් වලට ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් ජනතා ෆුඩ් ආයතනයේ චන්න ජයවික්‍රම මෙහිදී ප්‍රකාශ කළේ ටෙන්ඩරය ලබා ගන්නා අවස්ථාවේ පැවැති මිල ගණන් හා අද පවතින මිල ගණන් අහසට පොළොව තරමට ඉහළ ගිය තත්වයක් තුළ එකඟ වූ මිල ගණන් වලට කිසිසේත්ම ආහාර ද්‍රව්‍යය සැපයිය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
වසර 20 ක පමණ කාලයක් මෙම රෝහල් වලට කිසිදු ගැටලුවකින් තොරව ආහාර ද්‍රව්‍යය සැපයීම් සිදුකළ බවත් කිසිදු දිනක මේ ආකාර තත්ත්වයක් ඇතිව නොමැති බවත් හෙතෙම පැවසුවේය.
බිත්තර,කුකුළු මස් හා පරිප්පු වැනි ආහාර ද්‍රව්‍යය රෝහල් වලට සැපයීම මේවන විට සීමාකර තිබෙන බවත් අදාළ ගැටලුවට විසඳුම් නොදී සෞඛ්‍ය අමාත්‍යාංශය කල්මරමින් සිටින බවත් ඔහු පැවසුවේය.
මෙම ආහාර ටෙන්ඩරය මගින් දිනකට රුපියල් 75000.00 ක පමණ මුල්‍යමය පාඩුවක් සිදුවන බවත් යම් මිල සංශෝධනයකට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ නොවුනහොත් රෝහල් වලට ආහාර ද්‍රව්‍ය සැපයීම සම්පූර්ණයෙන්ම නතර කරන බවත් චන්න ජයවික්‍රම කීවේය.
රජය විසින් මිල පාලනය ඉවත් කිරීමත් සමඟ බරපතල ලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් වැඩිවී තිබෙන බවත් ජනවාරි මස රුපියල් 400.00 ට ගත් කුකුළු මස් කිලෝව දැන් 900.000 ක් බවත් රුපියල් 160.00 ට තිබූ පරිප්පු කිලෝව දැන් රුපියල් 430.00 ක් බවට පත්ව තිබෙන බවත් ඔහු කීවේය.
මෙම මිල ගණන් යටතේ ආහාර සැපයීමෙන් සිදුවන්නේ තම ව්‍යාපාර වසා දැමීමට බවත් අවධාරණය කළේය.