පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර නගර මධ්‍යයේ ඇති දැවැන්ත අඹ ගසක් කඩා වැටී තිබේ.
පස්වරුවේ කඩාවැටුණු මෙම අඹ ගස නගර මධ්‍යයේ ඇති බැවින් ඒ ඉවත් කිරීමේ කටයුතු මහනුවර මහ නගර සභාවේ සේවකයන් විසින් සිදුකරනු ලබයි.
මහනුවර මාතලේ දුම්රිය මාර්ගය අවහිර වන සේ මෙම අඹ ගස් කඩා වැටී ඇති අතර ඉන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නැත.
ගස කඩා වැටෙනු දුටු පිරිස් එම ස්ථානය ක්ෂණිකව ඉවත්වී ඇති අතර මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට නුදුරින් මෙම අනතුර සිදුව තිබේ