සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිපති ලසන්ත ඝාතන සැකකරුවන් මුදා හරින්නේ ඇයි?…

by editor
පෙබරවාරි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලසන්ත ඝාතන සැක කරුවන් නඩුවෙන් නිදහස් කිරීම සඳහා පාදක වූ නෛතික කරුණු සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

විවාදයට ලක්ව තිබෙන්නේ නීතිපතිවරයාගේ අත්සනින් ජනවාරි 27 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකි. මේ ලිපියේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙක් සම්බන්ධව නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවට නීතිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබිණි.

එම චූදිතයන් නිදහස් කළ හැකි බව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත දන්වන ලෙස ද නීතිපතිවරයා යොමු කර ඇති ලිපියේ සඳහන් විය.

නීතිපතිවරයා චූදිතයන් නඩුවලින් නිදහස් කිරීමට හේතුව

ප්‍රේම් ආනන්ද උදලාගම නම් හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියාත්, එවකට ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාලත් එවකට ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති  විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාරත් නීතිපතිවරයාගේ ලිපිය මගින් නිදහස් කර තිබිණි.

මේ නිර්දේශය ලබා දෙන්නට නීතිපතිවරයා කටයුතු කරන්නේ යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජික ප්‍රේම් ආනන්ද උදලාගම හඳුනා ගැනීමේ පෙරට්ටුවක දී ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු විසින් හඳුනා ගත්ත ද පසුව එම හඳුනා ගැනීමට සිදුකළ අවස්ථාවට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රේම් ආනන්ද උදලාගමව තමන්ට පෙන්වූ බවට රියදුරා ප්‍රකාශ කර ඇති බවය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

තිස්සසිරි සුගතපාලට සහ ප්‍රසන්න නානායක්කාර යන පොලිස් නිලධාරීන්ට අපරාධ නඩුවක් ගොනු කිරීමට තරම් ප්‍රබල සාක්ෂි නොමැති බැවින් මෙම නිර්දේශය සිදුකළ බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

අධිකරණයේ දි සැකකරුවන් ගැන කියැවුන කතා

කෙසේ වෙතත් අධිකරණයේ දී මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබිණි. තිස්සසිරි සුගතපාල වෙනුවෙන් පෙනී සිටි නීති රසික වීරසූරිය එහිදී ප්‍රකාශ කර තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ අවස්ථාවේ ඔහුගේ සටහන් පොතේ සටහන් කර තිබූ යතුරු පැදි දෙකේ අංක සම්බන්ධයෙන් විමර්ශනය නොකරන ලෙසට එවක ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ප්‍රසන්න නානායක්කාර තම සේවාදායකයාට තර්ජන කර ඇති බවය.

එම විමර්ශන ඉදිරියට කළහොත් තිස්සසිරි සුගතපාලට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අත්විය හැකි බවට ඔහු තර්ජනය කර ඇතැයි නීතිඥවරයා එදින අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව අදාල සටහන්පොත සහ විමර්ශන වාර්තා තමසේවාදායකයා විසින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර වෙත ලබා දී ඇති බවය.

කවුද මේ ප්‍රේම් සැකකරුවන්

ප්‍රේම් ආනන්ද උදලාගම යනු යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජිකයෙකි. ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු ලෙස සේවය කළ දේවමුල්ලගේ කරුණාරත්න පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් උදලාගමට චෝදනා එල්ල වී තිබිණි.

මීට අමතරව මාධ්‍යවේදී කීත් නොයාට පැහැරගෙන ගොස් පහර එල්ල කිරීමත්, උපාලි තෙන්නකෝන්ට පහර එල්ල කිරීමත් සම්බන්ධ චෝදනා කීපයක් ඔහුට එල්ල වී ඇ.ත.

තිස්සසිරි සුගතපාල සහ ප්‍රසන්න නානායක්කාර චෝදනා ලබන්නේ සාක්ෂි විනාශ කිරීම සම්බන්ධවය. තිස්සසිරි සුගතපාල යනු ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ය. ප්‍රසන්න නානායක්කාර යනු හිටපු පොලිස්පතිවරයෙකි.

ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොතේ තිබූ සටහන් විනාශ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබිණි.

 

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුවට අධි චෝදනා භාර දීමට ලබන 18 අධිකරණයේ පෙනී සිටින ලෙස නාමල්ට අධිකරණ නියෝගයක්!

Next Post

ජොනී ගේ BMW  නඩුව නීතිපති උපදෙස් සඳහා ජූලි 02 දා  කැඳවන්නට නියෝග!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.