නීති විරෝධී ලෙස එකලස් කිරීමෙන් අනතුරුව සොරකම් කරන ලද අංකයක් යොදා භාවිතා කරමින් සිට හිල්ටන් රථ ගාලට අතහැර දමා ගොස් තිබිය දී සොයා ගත් BMW රථය භාවිත කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජූලි මස 02 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (5) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ (5) මෙම නියෝගය ලබා දුන්නාය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ජනවාරි 3දා උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර ඇති සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රභාත් චානක, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ සැකකරුවෝ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.







