බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥවරියක ලෙස වෘත්තිය අරඹා, නීතිඥවරයෙකු බවට පත්වූ සපුමල්!

by editor
අප්‍රේල් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී – 

රාගම ශික්ෂණ රෝහලේ දී ඉෂාරා සපුමලී ලෙස මෙලොව එළිය දුටු තැනැත්තිය, ඉන් විසිනම අවුරුද්දකට පසු ‘ඉෂාර සපුමල්’ ලෙස වෙනස්වීමට තීරණය කරනු ලැබීය.

පිරිමියෙකුගේ සිතුම් පැතුම් ද ගැහැණු ශරීරයක් ද ඇතිව උපත ලබා, තම වෙනස සොයායාමට ඔහු ගත් තීරණය ගැන ඉෂාර සපුමල් ජාත්‍යන්තර සංක්‍රාන්තික ලිංගිකයන්ගේ දිනය දා බීබීසී   හා කතාබහකට එක්වූයේ ය.

සපුමල්….

“සරලවම කියනවා නම් බාහිර සමාජයට පෙනෙන වෙනසක් විතරයි වෙලා තියෙන්නේ. අභ්‍යන්තරයේ ඉන්නේ හිටපු පුද්ගලයාම යි. මැරිලා ඉපදිලා නෙමෙයි. ඒ මනුස්සයාගේ හඬ වෙනස්වෙලා තියෙනවා, ශරීරය වෙනස් වෙලා තියෙනවා,” ඔහු කතාව ආරම්භ කරමින් කියා සිටියේ ය.

“මම ගියේ කාන්තා පාසලකට. ඒ ළමයි අතර ඉද්දි තමයි මට තේරුනේ මම ඉන්න ඕනේ මෙතන නෙමෙයි කියලා. පිරිමි ළමයෙක් විදියට තමයි මම අඳින්න කැමැති, පිරිමි ළමයෙක් විදියට තමයි මගේ ස්වරූපය පවත්වාගන්න කැමති. එතකොට ඇයි මම මේ ගෑණු ළමයි ගොඩක් මැද්දේ, ඇයි ඒගොල්ලෝ අඳින ඇඳුම් අඳින්නේ කියන එක තමයි මට ප්‍රශ්නයක් වුණේ. මොකද මම හිතෙන් පිරිමි ළමයෙක් විදියට. එතකොට කාන්තාවක් විදියට මට සලකන්නේ ඇයි කියන ඒක මට ප්‍රශ්නයක්. ඒක මට හිතුන එකක් නෙමෙයි මම කොහොමත් වෙනස්.”

“මගේ නව යොවුන් විය ගෙවෙන්නේ කාන්තාවන් මැද්දේ කාන්තාවක් විදියට ගැහැණු ළමයෙක් විදියට. එතකොට මට ඒ අයගේ වෙනස යි මගේ වෙනස යි තේරෙනවා. මම හිතනවා ඒ ළමයින්ට අසනීපයක් කියලා. පස්සේ මට තේරෙනවා ඒ ළමයින්ට නෙමේ අසනීපෙ තියෙන්නේ මට කියලා. එතකොට මම හොයන්න ගන්නවා මොකක්ද මේ අසනීපේ, ඇයි මම අනිත් ළමයින්ට වඩා වෙනස්, ඇයි මට වෙන විදියකට හිතෙන්නේ මේ ළමයින්ට තියෙන ආකර්ෂණයන් මට නැත්තේ ඇයි, මේ අය ආසා දේවල්වලට මම ආසා නැත්තේ ඇයි කියලා,” ඔහු තමා සොයා යෑම ආරම්භ කළ කාලය සිහිපත් කරමින් කියා සිටියේ ය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සපුමල් සිය බිරිය සමග…

සිතට වඩා ශරීරය වෙනස් අසනීපය කුමක්ද යන්න සොයා යන ඉෂාර හට, තමාගේ වෙනස අස්වාභාවික නොවන බවට පොතපත පරිශීලනයෙන් සොයා ගැනීමට හැකිවී තිබේ.

ඉන්පසුවත් තම ශරීරයට අනුව ජීවත්වීමට ගන්නා ලද අසාර්ථක උත්සාහය ගැන ඔහු බීබීසී සිංහල සේවයට විස්තර සහිතව කියා සිටියේ ය.

“මම උසස් පෙළ සමත්වෙලා කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයට එනවා. එතකොට මම තීරණය කරනවා මම ඉපදිච්ච විදියට ඉන්න පුරුදුවෙන්න ඕනේ කියලා. මම ඒකට උත්සාහයක් ගන්නවා අවුරුදු හතරක්. නමුත් ඒ උත්සාහය අසාර්ථක වෙනවා විශාල කලකිරීමකින්. මගේ කාන්තා ශරීරයේ විදියට පිරිමි ආත්මය වෙනස්කර ගන්නවා කියලා මම හිතනවා. මොකද ඒක පහසුවෙයි කියලා මම හිතුවා. ශරීරය කපලා කොටලා වෙනස් කරන‍ එක ගැන මට අවබෝධයක් තිබුනේ නෑ ඒ කාලේ.”

කාන්තාවක් වීමට උත්සාහ කරන අවදියේ දී තමන්ට විවාහ යෝජනාවක් පැමිණි බව කී ඉෂාර පිරිමියකු සමග විවාහ ජීවිතයක් ගත කිරීම තමන්ට කිසිසේත්ම කළ නොහැකි දෙයක් බව ඒ මොහොතේදී අවබෝධ වුණේ යැයි සඳහන් කළේය.

උපාධිය ලබාගත් දින ඡායාරූපයක්

ඉන්පසු තවදුරටත් කාන්තා ශරීරයේ ජීවත් නොවිය යුතුයැ යි සිතා කායික වශයෙන් වෙනස්වීමට අවශ්‍ය මූල්‍යමය හා අනෙකුත් කටයුතු සකසා ගැනීමට ඔහු තීරණය කර ඇත

“මම රාගම රෝහලේ ඉපදුනේ කාන්තාවක් විදියට. ඒ උපත රාගම රෝහලේ දෙවෙනි වතාවටත් මම සිද්ධ කරනවා පිරිමි ළමයෙක් විදියට. මම ඉපදුනේ 1993 නොවැම්බර් 25. මම ගිය අවුරුද්දේ නොවැම්බර් 25 වෙද්දි මගේ අලුත් උප්පැන්නේ හදලා ඉවරයි.”

“පළවෙනි වතාවට අම්මා මාව ඉපැද්දුවා, සොබාදහමේ වැරැද්දක් වෙලා කාන්තා ශරීරයක් මට ලැබුණා. මම දෙවැනි වතාවටත් ඉපදෙනවා අවුරුදු 29කට පස්සේ,” ඉෂාර සපුමල් අභිමානයෙන් යුතුව කියයි.

“මම බෙහෙත් කරගත්තත්, ඒ තුවාල කැළල දකිද්දි මම මේක සනීප කරගත්තා කියන හැඟීම මට දැනෙනවා. ඉතින්, ඉෂාරා සපුමලි, ඉෂාර සපුමල් කියලා වෙනස්කර ගත්තා, මොකද මට ලොකු සංශෝධන අවශ්‍ය වුණේ නැහැ. මට ලොකු රඟපෑම් හෝ ලොකු ප්‍රතිරූප අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ මගේ පිරිමි ආත්මයට අවශ්‍ය ගෞරවය ලබාදීම විතරයි.”

නීතිඥවරියක ලෙස වසර තුනක් ගත කළ ඉෂාර සපුමල් පසුගිය වසරේ දී නිතිඥවරයකු ලෙසින් තම අනාගතය වෙනස්කර ගන්නට සමත් විය.

තම ලිංගික දිශානතිය වෙනස්කර ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම පුද්ගලයකුට අවශ්‍ය නීතිමය මෙන්ම මානසික සහාය ලබාදීමට නීතිඥ ඉෂාර සපුමල් සුදානමින් සිටියි.

“මේ ලෝකේ අම්මා කෙනෙක්ට දරුවෝ තුන්හතර දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි දරුවෙක්ට ඉන්නේ එක අම්මයි. තමන්ගේ දරුවාගේ ලිංගික අනන්‍යතාවට නිග්‍රහ කරන්න හෝ ඒක අවතක්සේරුවට ලක් කරන්න එපා. ඒක ඒ ළමයා ඉපදිච්ච විදිය. කවදාවත් දරුවෙක්ට අම්මෙක්ව නැති කරන්න එපා. මොකද ඒ වේදනාව හොඳින්ම දන්න පුද්ගලයෙක් මම.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අශෝක රන්වල හැර අනිවාර්ය නිවාඩු යැවූ තෙල් වෘත්තීය සමිති නායකයින් 19 සහනයක් පතා මහින්ද හමුවෙයි!

Next Post

ඉන්දීය විදේශ ඇමති ජෙයශංකර් කොළොම්බියානු සංචාරයක

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.