එංගලන්තයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද කුණු කන්ටේනර් 242න් 82ක් අද ප්‍රතිනැව්ගත බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත පැවසීය.
මෙම බහාලුම් 82 නෞකා තුනකින් පිටත් කර හැරීමට නියමිත බව ඔහු කීවේය.
ඒ අනුව අද ( 06) උදෑසන පිටත්වන නෞකාවකින් බහාලුම් 65ක්, දහවල් පිටත්වන නෞකාවකින් බහාලුම් 07ක් හා මධ්‍යම රාත්‍රියේදී පිටත්වන නෞකාවකින් බහාලුම් 10ක් පිටත් කර හැරීමට නියමිතව ඇත.
නීති විරෝධී කුණු කන්ටේනර් 242 ප්‍රති නැව්ගත කිරීම සඳහා ලද අධිකරණ නියෝග ප්‍රකාරව මෙම කන්ටේනර් නැවත එංගලන්තට හරවා යවමින් ඇත. මීට සති කීපයකට ඉහත දී බහාලුම් 20ක් ප්‍රති නැව්ගත කර තිබිණි.