පසුගියදා මහත් ආන්දෝලනයකට ලක් කරමින් මෙරටින් පිටවූ ජනාධිපතිවරයාගේ සමීප හිතවාදියකු ලෙස සැලකෙන ඇවන්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති යළි මෙරටට පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔහු සිය පවුල රටින් පිට කර ස්විට්සර්ලන්තයේ සිට යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වන අතර ඔහු යළිත් සිය සුපුරුදු කටයුතුවලට නිරත වන බව මෙම ආරංචි මාර්ග පැවසීය.
පසුගියදා ස්විට්සර්ලන්තයේ සිට මෙරට ජාතික පුවත්පතත් ඇමතු සේනාධිපති තමන් එරටට ගියේ රාජකාරී කටයුත්තකට බැවින් එය අවසන් වූ වහා යළි ශ්‍රි ලංකාවට පැමිණෙන බවත් තමන්ට පැන යාමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් සඳහන් කර තිබුණි.







