බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවුන් අලි දරුවන් සොයා ගත් හැටි ආචාර්ය පිලපිටිය කියයි

by Lanka Sara Editor
ජූලි 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මින්නේරියේ දුර්ලභ නිවුන් අලි දරු උපත නිරීක්ෂණ මගින් තහවුරු කරගනු ලැබුවත් ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් එය සනාථ කර ගැනීමට තව කලක් ගතවනු ඇතැයි එම විශිෂ්ට අධ්‍යයනයේ යෙදුණු ආචාර්ය සුමිත් පිලපිටිය පවසයි.

විද්‍යාත්මක නිරීක්ෂණයකින් අනතුරුව නිවුන් අලි උපත් පිළිබඳව කෙරුණු පරීක්ෂණ පත්‍රිකා හැදෑරීමෙන් ද ජාත්‍යන්තර දැනුම හුවමාරු කරගැනීමෙන් ද අනතුරුව මින්නේරියේ නිවුන් අලි උපත සම්බන්ධ නිගමනයට එළඹි ආකාරය ආචාර්ය පිලිපිටිය පවසන්නේ මෙසේය.

“ මා දුටුවා මේ අලි රැළේ එක වයසෙ, එකම පෙනුම සහිත එකම මවක ලඟ හැසිරෙන පැටවු දෙදෙනෙක්. මේ අලි පැටවු එකම මවකගෙන් කිරි බොන ආකාරය මා දැක්කා.

අතිශයින් විරල අවස්ථාවක හැරෙන්න සාමාන්‍යයෙන් අලි මවක් තමන්ගෙ පැටියට හැර වෙන පැටියෙකුට කිරි දෙන්නෙ නෑ. ඒත් සමහර අවස්ථාවලදි තමන්ගෙ සමීපතම ලේ සබඳතා ඇති පැටියෙකුට ඇය කිරි ටිකක් දෙනන් පුලුවන්. ඒත් නිරන්තරව නෙමෙයි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

මට අවශ්‍ය වුනා මේ අලි මව විසින් පැටවු දෙන්නටම කිරි දෙනවද, කිරි දෙද්දි එක් පැටියෙක් වෙන් වෙනවද කියලා බලන්න. තණ පුඩු දෙකෙන් එක්වරම කිරි බොනවා නම් මගේ නිරීක්ෂණය සෑහෙන දුරට නිවැරදි වෙනවා. මා දුටුවා ඒ පැටවු දෙන්නා එක්වරම මවගෙ තණ පුඩු දෙකෙන් කිරි උරා බොනවා.“

අනතුරව මා ලෝකයේ නිවුන් අලි උපත් සම්බන්ධව කර ඇති විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රිකා අධ්‍යයනය කළා. ඔවුන් බාහිර නිරීක්ෂණ අනුව නිවුන් අලි උපත් තහවුරු කරන ආකාරය විමර්ශනය කළා.

ලෝකයේ හොඳම නිරීක්ෂිත අලි ගහණය ඉන්නේ කෙන්යාවේ ඇන්ඩ්‍රියා ජාතික වනෝද්‍යානයේ. මේ සෑම අලියෙක්ම වෙන් වශයෙන් නම් කරලා තියනවා. ඔවුන් සෑම එකෙක් ගැනම ඔවුන් උපන් දිනයේ සිට සෑම අවස්ථාවකම වාර්තා නඩත්තු වෙනවා. මේ වාර්තා පුරා වසර 45ක් තිස්සේ ඔවුන් අඛණ්ඩව පවත්වාගෙන යනවා.

පහුගිය අවුරුදු 54 තුළ මේ අලි ගහණයේ නිවුන් අලි දරු උපත් 3ක් සිදු වුනා. එම වනෝද්‍යානයේ වැඩ කරන ජ්‍යෙෂ්ඨම විද්‍යාඥයෙක් මගෙ සමීප මිත්‍රයෙක්…මා ඔවුන්ගේ වාර්තා අධ්‍යයනය කළා. පසුව මම මගේ මිත්‍රයාට මගෙ නිරීක්ෂණය කිව්වා. ඔහු තහවුරු කරලා කිව්වෙ ඔහුගෙ අත්දැකීමෙ හැටියට මේ නිවුන් අලි පැටවු උපතක් කියලා. හැබැයි කොයි මොහොතකවත් කියන්න එපා මේ ලංකාවෙ මුල්ම නිවුන් අලි උපත කියලා. මේ වාර්තා වුනු මුල්ම නිවුන් අලි උපත…“

නිරීක්ෂණයෙන් එළඹි මේ නිගමනය විද්‍යානුකූලව තහවුරු කරගැනීමට අවශ්‍ය ඩී.එන්.ඒ පරීක්ෂණ සඳහා මේ ළදරු අලි පැටවුන්ගේ රුධිර සාම්පල ලබා ගැනීමට ඔවුන් තව කුඩා වැඩි බව වන ජීවී දෙපාර්තමේන්තුවේ අදහසය. මේ වනවිට රැළෙන් මේ ළදරු අලි පැටවුන් වෙත දැඩි ආරක්ෂාවක් ලැබේ. කිසිවෙකුට ඔවුන් අසලට ලං විය නොහැකිය. අලි වසුරු වල ඇති පටක ඇසුරින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කිරීමට හැකි අවස්ථා වනජීවී නිලධාරීහු සොයා බලමින් සිටිති.

ආචාර්ය සුමිත් පිලපිටිය

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩු සහ පිස්තෝල සමඟ පැන්න රාජිත අල්ලන්න මෙහෙයුමක්

Next Post

ඡන්ද වැඩට පළාත්පාලන ආයතන වාහන යොදාගැනීම තහනම්

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.