fbpx
සඳුදා, මාර්තු 27, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවුන් අලි දරුවන් සොයා ගත් හැටි ආචාර්ය පිලපිටිය කියයි

by Lanka Sara Editor
ජූලි 9, 2020
in පුවත්
437 4
Share on FacebookShare on Twitter

මින්නේරියේ දුර්ලභ නිවුන් අලි දරු උපත නිරීක්ෂණ මගින් තහවුරු කරගනු ලැබුවත් ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් එය සනාථ කර ගැනීමට තව කලක් ගතවනු ඇතැයි එම විශිෂ්ට අධ්‍යයනයේ යෙදුණු ආචාර්ය සුමිත් පිලපිටිය පවසයි.

විද්‍යාත්මක නිරීක්ෂණයකින් අනතුරුව නිවුන් අලි උපත් පිළිබඳව කෙරුණු පරීක්ෂණ පත්‍රිකා හැදෑරීමෙන් ද ජාත්‍යන්තර දැනුම හුවමාරු කරගැනීමෙන් ද අනතුරුව මින්නේරියේ නිවුන් අලි උපත සම්බන්ධ නිගමනයට එළඹි ආකාරය ආචාර්ය පිලිපිටිය පවසන්නේ මෙසේය.

“ මා දුටුවා මේ අලි රැළේ එක වයසෙ, එකම පෙනුම සහිත එකම මවක ලඟ හැසිරෙන පැටවු දෙදෙනෙක්. මේ අලි පැටවු එකම මවකගෙන් කිරි බොන ආකාරය මා දැක්කා.

අතිශයින් විරල අවස්ථාවක හැරෙන්න සාමාන්‍යයෙන් අලි මවක් තමන්ගෙ පැටියට හැර වෙන පැටියෙකුට කිරි දෙන්නෙ නෑ. ඒත් සමහර අවස්ථාවලදි තමන්ගෙ සමීපතම ලේ සබඳතා ඇති පැටියෙකුට ඇය කිරි ටිකක් දෙනන් පුලුවන්. ඒත් නිරන්තරව නෙමෙයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයට ඉඩ දුන් පොලිස් නිලධාරීන්ට එරෙහි කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් හිමි ගොනුකළ පෙත්සම විභාගයට දින නියම වේ….

ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධියට දේශබන්දු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විසිවෙයි…

ණය ගත්තු ලංකාව  ඩොලර් බිලියන 2.5ක ණයක් ලෝකයට දීමට සැරසෙයි!

මට අවශ්‍ය වුනා මේ අලි මව විසින් පැටවු දෙන්නටම කිරි දෙනවද, කිරි දෙද්දි එක් පැටියෙක් වෙන් වෙනවද කියලා බලන්න. තණ පුඩු දෙකෙන් එක්වරම කිරි බොනවා නම් මගේ නිරීක්ෂණය සෑහෙන දුරට නිවැරදි වෙනවා. මා දුටුවා ඒ පැටවු දෙන්නා එක්වරම මවගෙ තණ පුඩු දෙකෙන් කිරි උරා බොනවා.“

අනතුරව මා ලෝකයේ නිවුන් අලි උපත් සම්බන්ධව කර ඇති විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රිකා අධ්‍යයනය කළා. ඔවුන් බාහිර නිරීක්ෂණ අනුව නිවුන් අලි උපත් තහවුරු කරන ආකාරය විමර්ශනය කළා.

ලෝකයේ හොඳම නිරීක්ෂිත අලි ගහණය ඉන්නේ කෙන්යාවේ ඇන්ඩ්‍රියා ජාතික වනෝද්‍යානයේ. මේ සෑම අලියෙක්ම වෙන් වශයෙන් නම් කරලා තියනවා. ඔවුන් සෑම එකෙක් ගැනම ඔවුන් උපන් දිනයේ සිට සෑම අවස්ථාවකම වාර්තා නඩත්තු වෙනවා. මේ වාර්තා පුරා වසර 45ක් තිස්සේ ඔවුන් අඛණ්ඩව පවත්වාගෙන යනවා.

පහුගිය අවුරුදු 54 තුළ මේ අලි ගහණයේ නිවුන් අලි දරු උපත් 3ක් සිදු වුනා. එම වනෝද්‍යානයේ වැඩ කරන ජ්‍යෙෂ්ඨම විද්‍යාඥයෙක් මගෙ සමීප මිත්‍රයෙක්…මා ඔවුන්ගේ වාර්තා අධ්‍යයනය කළා. පසුව මම මගේ මිත්‍රයාට මගෙ නිරීක්ෂණය කිව්වා. ඔහු තහවුරු කරලා කිව්වෙ ඔහුගෙ අත්දැකීමෙ හැටියට මේ නිවුන් අලි පැටවු උපතක් කියලා. හැබැයි කොයි මොහොතකවත් කියන්න එපා මේ ලංකාවෙ මුල්ම නිවුන් අලි උපත කියලා. මේ වාර්තා වුනු මුල්ම නිවුන් අලි උපත…“

නිරීක්ෂණයෙන් එළඹි මේ නිගමනය විද්‍යානුකූලව තහවුරු කරගැනීමට අවශ්‍ය ඩී.එන්.ඒ පරීක්ෂණ සඳහා මේ ළදරු අලි පැටවුන්ගේ රුධිර සාම්පල ලබා ගැනීමට ඔවුන් තව කුඩා වැඩි බව වන ජීවී දෙපාර්තමේන්තුවේ අදහසය. මේ වනවිට රැළෙන් මේ ළදරු අලි පැටවුන් වෙත දැඩි ආරක්ෂාවක් ලැබේ. කිසිවෙකුට ඔවුන් අසලට ලං විය නොහැකිය. අලි වසුරු වල ඇති පටක ඇසුරින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කිරීමට හැකි අවස්ථා වනජීවී නිලධාරීහු සොයා බලමින් සිටිති.

ආචාර්ය සුමිත් පිලපිටිය

Tags: නවතම
Share70Tweet44
Previous Post

කුඩු සහ පිස්තෝල සමඟ පැන්න රාජිත අල්ලන්න මෙහෙයුමක්

Next Post

ඡන්ද වැඩට පළාත්පාලන ආයතන වාහන යොදාගැනීම තහනම්

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයට ඉඩ දුන් පොලිස් නිලධාරීන්ට එරෙහි කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් හිමි ගොනුකළ පෙත්සම විභාගයට දින නියම වේ….

මාර්තු 27, 2023
පුවත්

ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධියට දේශබන්දු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විසිවෙයි…

මාර්තු 27, 2023
පුවත්

ණය ගත්තු ලංකාව  ඩොලර් බිලියන 2.5ක ණයක් ලෝකයට දීමට සැරසෙයි!

මාර්තු 27, 2023
Next Post

ඡන්ද වැඩට පළාත්පාලන ආයතන වාහන යොදාගැනීම තහනම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

පාස්කු ප්‍රහාරයට ඉඩ දුන් පොලිස් නිලධාරීන්ට එරෙහි කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් හිමි ගොනුකළ පෙත්සම විභාගයට දින නියම වේ….

by editor
මාර්තු 27, 2023
0

ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධියට දේශබන්දු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විසිවෙයි…

by editor
මාර්තු 27, 2023
0

ණය ගත්තු ලංකාව  ඩොලර් බිලියන 2.5ක ණයක් ලෝකයට දීමට සැරසෙයි!

by editor
මාර්තු 27, 2023
0

suicide

පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…

by editor
මාර්තු 27, 2023
0

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

by editor
මාර්තු 27, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයට ඉඩ දුන් පොලිස් නිලධාරීන්ට එරෙහි කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් හිමි ගොනුකළ පෙත්සම විභාගයට දින නියම වේ….
  • ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධියට දේශබන්දු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විසිවෙයි…
  • ණය ගත්තු ලංකාව  ඩොලර් බිලියන 2.5ක ණයක් ලෝකයට දීමට සැරසෙයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist