“මන්නාරම කතෝලික පල්ලිවලට ගහන්නෙ කාදිනල්තුමාගේ මාධ්‍ය හමුවෙන් පසුව වීම සැකයක්… පොලිසිය කියයි..“ මැයෙන් පසුගිය ජූලි මස 15 වැනිදා පළ වු විශේෂ පුවත සම්බන්ධවය.
මන්නාරමේ පිහිටි කතෝලික සුරුවම්වලට එල්ලකරන පහරදීම් සංවිධානාත්මකව සිදුවන්නක් බව ආරක්ෂක අංශ සැක කර තිබිණි.
දින දෙකක් තුළ සුරුවම් ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රහාරත් සමග හමුදාව සහ පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කළේය. විවිධ මානයන් ඔස්සේ විමර්ශන දියත් විය. මේ සිදුවීම් මාලාව ලංකාසර මෙන්ම ජාතික තලයේ සියලුම මාධ්‍ය විවිධ කෝණවලින් සිද්ධිය වාර්තා කළේය.
මෙම වාර්තාව පල කිරීමේ දී “මන්නාරම කතෝලික පල්ලිවලට ගහන්නෙ කාදිනල්තුමාගේ මාධ්‍ය හමුවෙන් පසුව වීම සැකයක්… පොලිසිය කියයි“ ලෙස සිරස්තලය යෙදීමේදී සංස්කාරකවරයා අතින් සංස්කරණ දෝෂයක් සිදු වී තිබිණි.
අදාල සිරස්තලය මන්නාරම කතෝලික පල්ලිවලට ගැසුවේ කාදිනල්තුමාගේ මාධ්‍ය හමුවෙන් පසුව වීම සැකයක්… ලෙස වෙනස් විය යුතු බවත් “පොලිසිය කියයි“ යන වැකිය ඉවත් විය යුතු බවත් දන්වා සිටිමු.
මෙම තොරතුර පුලුල් විමර්ශනයක දි විමර්ශන අංශ ගණනාවක අවධානයට ලක් වූ සැකයකි. මේ සම්බන්ධව පොලිසිය කිසිවක් ප්‍රකාශ කර නැත.
පලවූ ප්‍රවෘත්තිය…
මන්නාරම කතෝලික පල්ලිවලට ගහන්නෙ කාදිනල්තුමාගේ මාධ්‍ය හමුවෙන් පසුව වීම සැකයක්… පොලිසිය කියයි..







