සුමිත් පොතුපිටිය
ගාල්ල , බූස්ස යුධහමුදා කදවුරේ රාජකාරි කරන යුධහමුදා සෙබළෙකු නිවාඩුවට පැමිණ ගෙවල්බිදුම් සිදුකර සිටියදී අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.
සැකකරු කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි ආමි මල්ලී නමින් හදුන්වන 43 හැව්රිදි පුද්ගලයකු බවද පොලිසිය කීය.

නිවාඩු ලබා පැමිණ ගෙවල් බිදුම් සිදුකර ඇති බවත් , නිවාඩු අවසන්ව නියමිත දිනට සේවයට වාර්තා කර නොමැති බවත් සදහන් වේ.
කළුතර , දූව පන්සල පාරේ නිවාස සොරකමක් සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ සිසිටිවි කැමරා පරීක්ෂා කිරීමෙන් පසු හඳුනා ගත් මෙම පුද්ගලයා ලැප්ටොප් පරිඝණක යන්ත්‍රයක් ගමන් මල්ලක බහා අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී කළුතර දකුණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ලැප්ටොප් පරිඝණක දෙකක් , ජංගම දුරකථනයක්, පෙන් ඩ්‍රයිව් දෙකක් ඇතුළු භාණ්ඩ සොයාගත් බවත්, තවත් භාණ්ඩ රැසක් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ උපදෙස් පරිදි ,අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි , සැරයන් වරුන්වන ජයසිංහ (51130), සමන් (46226), ජයසිංහ (55260), කොස්තාපල් වරුන්වන සුභාස් (33112), අමරසිංහ (97414), වීරසිංහ (102930), රාජපක්ෂ (100138), පොකොරි ජයතිලක ( 13553) වැටලීමට එක්වූහ.







