දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සිට මෙරට මත්ද්‍රවය ජාලය හසුරුවනු ලබන ලොකු පැටි නොහොත් අලුත්ගම සංජීව නමැති පාතාල ප්‍රබලයා ගේ මත්ද්‍රව්‍ය ජාලයමෙහෙයවන ප්‍රධාන ගෝලයා ලෙස හඳුනාගත් 32 හැවිරිදි පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 100ක් සමග විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් 111 හි නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව බෙන්තොට පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වරාහේන දුම්රිය හරස් මාර්ගයේ දී වැටලීමකින් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ. .
අත්අඩංගුවට ගත් පුද්ගලයාත් ඔහු සතුව තිබූ මත්කුඩුත් ජංගම දුරකථනයක් සහ යතුරුපැදියකුත් සමග ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.