බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිව් ෆෝට්‍රස් ගිවිසුමට හවුල් වූ නිලධාරීන්ට විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු එළියක්!

by editor
මාර්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ මුදල් අමාත්‍යංශය විසින් අත්සන් කරන ලද ගිවිසුමට අනුව ශ්‍රි ලංකාවේ ද්‍රවීකෘත ස්වාභාවික වායු අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබැ ගැනීමටත් ඒ සඳහා මුදල් ගෙවීමටත් එකඟ වන පරිදි ගිවිසුම් ගත වී ඇති බවත් යම් හෙයකින් රටට වැඩක් නැති ආකාරයට මෙම ද්‍රවීකෘත ස්වාභාවික වායු මිලදී ගන්නට එම ගිවිසුම අනුව රටට සිදුවන්නේ නම් එම මුදල් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියා කළ නිලධාරීන් සහ අදාළ උපදේශකවරුන්ගේ පෞද්ගලික මුදලින් අය කර ගත යුතු බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තමන්ට ලැබුණු අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව, භාණ්ඩාගාර ලේකම් විසින් මෑත කාලයේ දී පත් කරන ලද නිව් ෆෝට්‍රස් ගිවිසුම සඳහා වන වන ” විශේෂඥ තාක්ෂණ කමිටුව” ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ද්‍රවීකෘත ස්වභාවික වායු පරිමාවක් (Liquified Natural Gas – LNG) ලබා ගැනීමට නිව්ෆෝට්‍රස් සමාගම සමග ගිවිසුම් ගතවීමට ඉහළින් සිදුකෙරෙන ප්‍රබල බලපෑම් මත කටයුතු කරමින් සිටින බවය.

එසේම ඉංජිනේරු සංගමයට අනුව එම තාක්ෂණික කමිටුවේ සාමාජිකයින් නොමඟ යවමින් එම ඉහළ LNG පරිමාව විදුලි බල මණ්ඩලය විසින් තමන් හට ස්වභාවික වායු පර්යන්තයක් කුලී පදනම මත (Build Operate and Transfer – BOT) ලබා ගැනීම සඳහා කැදවනු ලැබූ ටෙන්ඩරයේ අඩංගු වී ඇති ස්වාභාවික වායු පරිමාවට සමාන බව එම බලපෑම් කරන පුද්ගලයින් විසින් පවසනු ලබන බවද ගැනීමට ලැබී ඇත.

එලෙස අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා යන LNG වායු පරිමාවක් සඳහා ගිවිසුම් ගත වුවහොත් එසේ ගිවිසුම්ගත වායු පරිමාවන් සදහා ගෙවීම ප්‍රතික්ෂේප කිරීමට තම සංගමයේ සාමාජිකයින් හට අනාගතයේ සිදු වනු ඇති බවත්, එසේම එලෙස ඉහළ LNG පරිමාවක් ” (Take or Pay ) මත ගිවිසුම්ගත වීම නිසාම සහ එසේ ගිවිසුම්ගත වායු පරිමාව හට අනිවාර්යෙන් ගෙවීමට සිදුවන නිසාම එම වායු පරිමාව භාවිතා නොකොට ගෙවීම වැළැක්වීමට LNG තාප බලාගාර මගින් (වියදම අඩු විකල්ප බැහැර කොට) බලහත්කාරයෙන් ජනනය කොට භාවිතා කිරීම සිදුකිරීම ප්‍රතික්ෂේප කිරීමට ද අනාගතයේ අප සාමාජිකයින්ට සිදුවනු ඇති බවත් ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

එසේම වගකිවයුතු වෘත්තීය සංගමයක් ලෙස මෙවන් බලහත්කාරයෙන් ඔවුන් මත පටවනු ලැබූ අනීතික ගිවිසුම් මගින් තම සාමාජිකයින් හට සිදුවියහැකි වන අනර්ථකාරී බලපෑම් නැති කිරීම සඳහා තමන්ට අනිවාර්යයෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවද ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

විදුලි ඉංජිනේරු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“ලංවිම විසින් ලංසු කැඳවනු ලැබ ඇත්තේ හුදෙක්ම “පාවෙන, ගබඩාකරණ ස්වභාවික වායු පර්යන්තයක්” BOT කුලී පදනම මත ලබා ගැනීමට පමණක් බවත්, එසේ හෙයින්ම එම ටෙන්ඩරයේ අන්තර්ගතය තුල කිසිසේත්ම ස්වාභාවික වායු ඉන්ධනය මිලදී ගැනිම සඳහා හෝ එසේ මිලදී ගතයුතු අවම ස්වභාවික වායු පරිමාවක් සදහන් වීම අදාළ කරුණක් නොවන බවත් මහජනතාව වෙත අප අවධාරණය කරනු කැමැත්තෙමු.

ඒ අතරම ලංකා විදුලිබල මණ්ඩල ටෙන්ඩරයේ සඳහන් වී ඇති ” අවම සහතික LNG පරිමාව එම ටෙන්ඩරයේ අන්තර්ගත කොට ඇත්තේ LNG පර්යන්ත හිමිකරු හට ගෙවන වාර්ෂික ස්ථීර ගෙවීම (Fixed annual capacity payment) මාසික ගෙවීම් බවට පරිවර්තනය කර ගැනීම සඳහා පර්යන්තය තුළින් ගමන් ගන්නා LNG පරිමාව සමග අනුබද්ධ කොට සකස්කරගනු ලබන LNG ඒකකයක් සඳහා වන මිල (USD/MMBTU) සකසා ගැනීමට පමණක් බව අප අවධාරණය කර සිටිමු. ලංවිම විසින් මෙසේ මිල කැඳවනු ලැබුවේ LNG පර්යන්තයක් කුලී පදනම මත ලබා ගැනීමට පමණක් බැවින් සහ LNG ස්වාභාවික වායුව මිලදී ගැනීමට තවමත් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර නොමැති බැවින්, ගිවිසුම් ගත වන අවම වායු පරිමාවක් ලංවිම ටෙන්ඩරය තුල සදහන් වීම අදාළ නොවන කරුණක් බව විශේෂඥ කමිටු සාමාජිකයින් විසින් දැනගත යුතු යැයි අප විශ්වාස කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව දින පහක් යනතුරු මේ අර්බුදය මේ විදිහමයි…. ප්‍රවාහන ඇමති කියයි…

Next Post

සොලමන් දූපතේ චීන ක්‍රියාකාරකම් ගැන නවසීලන්ත අගමැතිනියගේ කණස්සල්ල

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.