අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

by editor
අගෝස්තු 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාවට ඇති අයිතිය උදුරාගැනීමට නගර සභාව පොලිසිය යුද හමුදාව දැඩි වෑයමක නිරත වන බව පෙනෙන්නට තිබේ.

දින පහක් පවතින කුඹල් පෙරහැර සමයේ මෙම තත්වය දක්නට නොලැබුණු අතර රන්දෝලි පෙරහර ආරම්භයේ සිට  රන්දෝලි පෙරහර පැවැත්වෙන අද  මෙම තත්ත්වය වර්ධනය වීමක් දක්නට ඇත.

නගරසභාව සහ පොලිසිය පදිකවේදිකාව වෙන් කරගෙන සිටි ආකාරය…. හවස් වනවිට පය ගහන් ඉන්න ඉඩක් රුපියල් 1000කට වැඩියි…

අද සවස්  වන විට පෙරහර මාර්ගය හෙවත් මහමළුව අවසානයේ සිට වැවරවුම දළදා වීදිය යටිනුවර වීදිය දෙසට වන්නට වූ  පදිකවේදිකාවල කාඩ්බෝඩ් සහ පොලිතීන් එලා ඒවායෙහි ගල් අතුරා පදිකවේදිකාවේ ඉඩ වෙන් කර තැබීමට නගර සභාව සහ පොලිසිය කටයුතු කර තිබෙනු දක්නට ලැබිණි.

එම අවස්ථාවේ අසල පිරිස් විසින් මෙම ඉඩ කාගේ දැයි අසන විට ඔවුන් කියා සිටියේ නගර සභාවේ නිලධාරීන් පැමිණ   ඉඩ වෙන්කර තබා ගිය බවය.

තවත් ඉඩක් පොලිස් නිලධාරීන් විසින් පැමිණ අල්ලා ගනු ලැබූ අතර ඒවායෙහිද කොළ එළ ගල් තැබූ බව අවට පිරිස් කියා සිටියහ. ඒවනවිටත් නන් දෙසින් පැමිණි සාමාන්‍ය ජනතාව එම ඉඩ ද මගහැර පෙරහැර මාර්ගයට ඈතට වන්නට තිබූ ඉඩකඩ වෙන් කර තබා ගන්නා බවක් පෙනෙන්නට තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සිදුවීම් සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක   දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් මහනුවර පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරීන් ලවා  එම ඉඩකඩ වෙන් කර තැබූ පොලිතීන් සහ කාඩ්බෝඩ් ඉවත් කිරීමට කටයුතු යොදා තිබිණි.  රාජ්‍ය නිලධාරින් විසින් එලෙස ඉඩකඩ වෙන් කර තැබීම මහජනතාවට කරන දැඩි අසාධාරණයක් බවද හෙතෙම කියා සිටියේය.

පසුගිය වසරක පෙරහර නරඹන සැදැහැවතුන්…

මහනුවර ඇසළ පෙරහැර දළදා මාළිගාවේ පෙරහැර විෂ්ණු නාථ පත්තිනි කතරගම යන සිව් මහා දේවාල පෙරහැර මීටර් දෙදහස් පන්සියයක් අතර දුරක   විචිත්‍රවත් අයුරින් ගමන් කරනු ලබයි.

මෙවර අවසන් රන්දෝලි පෙරහැර දෙක හෙවත් අද සහ හෙට පෙරහර විචිත්‍රවත් කිරීම සඳහා අලි ඇතුන් හැටකට ආසන්න සංඛ්‍යාවක් පෙරහැරේ ගමන් කරනු ලබයි.

රටටත් ජනතාවටත්   සෞභාග්‍ය උදා කරලීම පිණිස පවත්වනු ලබන මෙම පෙරහර මංගල්‍යය උතුම් පින්කමක් සේ සලකා ඉතිහාසයේ පටන් මේ තාක් පැවත ආවද මේ වන විට පෙරහර මංගල්‍යය ව්‍යාපාරිකයින්ගේ තෝතැන්නක් බවට පරිවර්තනය වී තිබේ.

සාමාන්‍ය ජනතාව රටේ නන් දෙසින් පැමිණ මේ අසිරිමත් මංගල්‍යය දැක බලා ගැනීමට පෙරුම් පිරුවද මේ මහනුවර නගරයේ සිටින ඇ.තැම් ව්‍යාපාරික ආයතන ප්‍රධානීන් පෙරහර සරණ වීදි වල පදිකවේදිකාවේ සිට වෙළඳසැල් අසල ඉඩකඩ රු.2500 සිට ඉහලට විකිණීමට පුරුදු වී සිටිති.

අද වන විට එය ඉටි කොළයක ඉඩ රුපියල් දහසක සිට ඉහළ මුදලක්කට විකිණීමට තරම් පහත් තැනට වැටී තිබේ

පෙරහර නරඹා දළදා කරඬුවට සාදු කාර දී ආශිර්වාද ලබාගැනීමට වීදියක සිට ගැනීමට පවා ජනතාවට සිදුව ඇත්තේ කාසි මුදල් විසි කිරීමෙන් අනතුරුවය

අතීතයේ දළදා මාළිගා පරිශ්‍රයේ මහ වාහල්කඩ දෙපස දිය අගලේ වලාකුළු බැම්මේ පවා මිනිසුන් රැඳී පෙරහැර නැරඹූ බවට ඡායාරූප සාක්ෂි දරයි.

එපමණක් නොව එතැන් සිට මහමළුව දෙපස සෙසු වීථිවල අස්සක් මුල්ලක් වහලයක් ගහක් නෑර ජනතාවගෙන් පිරී ඉතිරී තිබෙනු ද  වාර්තා වී ඇත. ඒ බිම අද වෙන්දේසියේය. ඒ පොදු  අවකාශය කාලකණ්ණි පිරිසක් විසින් අලෙවි කරති.

මේ අධමකමට  වගකිවයුත්තේ මහනුවර පාලනය කරන බලධාරීන් ය. මධ්‍යම පළාත භාර ආණ්ඩුකාර වරයාගේ සිට මහ නගර සභාව පොලිසිය යුද හමුදාව දිස්ත්‍රික් ලේකම් කාරයාල  ඇතුළු බලධාරීන් නගරයට පැමිණෙන සාමාන්‍ය ජනතාවට පහසුකම් සලස්වමින් ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

එහෙත් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් කාරණයකි. මේ පෙරහර මංගල්‍ය සමයේ පය තබන   අඩියකින් පවා රුපියල් සත සෙවීමට මේ තුච්ඡ බලධාරීන් විවිධ උපක්‍රම යොදා තිබේ එය කනගාටුවට කරුණකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාශ්මීරයේ සටන් විරාම කලාප සංචාරක කලාප බවට පත්වෙයි

Next Post

කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.