ඉන්දියාව හා පාකිස්ථානය 2020 පෙබරවාරි මාසයේ සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම හේතුවෙන් කාශ්මීරයේ ෂෙල් වෙඩි ප්‍රහාරයන්ට ලක්ව තිබෙන මායිම් ගම්මාන කෙරෙහි සංචාරකයින්ගේ අවධානය යොමු වී තිබේ.
උතුරු කාශ්මීරයේ කුප්වාරා දිස්ත්‍රික්කයේ පිහිටි මචිල් ගම්මානයට පසුගිය ජූලි 16 – 17 දෙදින තුළ කාන්තාවන් හා ළමයින් ඇතුලු 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සංචාරය සඳහා පැමිණියහ.
ෂෙල් වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීම නිසා මිචෙල්වල අලංකාරයට හානි වී තිබුණත් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට එම ප්‍රදේශය සමත් විය.
මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ සාමය සහ තම ව්‍යාපාර, ආර්ථික කටයුතු බියකින් හා අනාරක්ෂිතභාවයකින් තොරව නැවත ආරම්භ කිරීම ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. කාශ්මීරයේ සුන්දර ස්ථාන බැලීමට සංචාරකයින්ට ඇති කැමැත්ත අත්තනෝමතික ෂෙල් වෙඩි ප්‍රහාර නැවතී සාමය පැතිරෙන විට වැටහෙන බව ද එහි සඳහන්ය. සන්නද්ධ සොල්දාදුවන්ගෙන් පිරී තිබූ මෙම ප්‍රදේශ දැන් සාමාන්‍ය ජනයාට විවෘත වී සංචාරක ව්‍යාපාරය ද ගොඩනැඟෙන නිසා එමඟින් ප්‍රදේශවාසීන්ට ද ව්‍යාපාරික අවස්ථා හිමිවෙනු ඇතැයි බලාපොරොත්තු වේ.