පවතින දැඩි වර්ෂා තත්ත්වයත් නිල්වලා ගඟ පිටාර මට්ටමට ලඟා වී ඇත.
නිල්වලා ගංගා ද්‍රෝණියට අයත් පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ වනවිට අනතුරු අඟවා තිබේ.
අද (14) උදෑසන සිට මේ දක්වා කාලය තුළ නිල්වලා ගංගා ද්‍රොණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඉදිරි පැය 24ක කාලය තුළ කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ මාතර සහ දෙව්නුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
ගාල්ල, හම්බන්තොට, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර ඇත.