සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායනය මුවාවෙන් රට ඉඳන් එන අය සුද්ද කරන ජාවාරමක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 26, 2020 - Updated on සැප්තැම්බර් 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සඳහා විදේශවල සිට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරිමේ ජාතික වැඩපිළිවෙළට එක් කරගෙන ඇති ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කරුවන් පිරිසක් නිරෝධායනය වන පුද්ගලයන්ට අවශ්‍ය නිසි පහසුකම් නොදී ඔවුන්ව ගසාකෑමේ කූට ජාවාරමක නිරතවන ආකාරය ගැන තොරතුරු හෙළිවෙමින් තිබේ.

යුද හමුදාව හා රාජ්‍ය අංශය අතිශයින්ම විනයක් හා ගෞරවයක් සහිතව සියලු පහසුකම් ලබා දෙමින් නොමිලයේ නිරෝධායන කටයුතු කරද්දී එක පුද්ගලයෙක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සිට ලක්ෂ දෙක දක්වා මුදලක් අය කරගනිමින් දින දහයක් පුරා හො දා හතරක් තිස්සේ කරන නිරෝධායනයේ දී මූලිකව මෙම පිරිස වෙත ලැබිය යුතු ආහාර හා ජලය පවා නොලැබෙන ආකාරය මේ වනවිට ඔවුහු පැමිණිලි කරමින් සිටිති.

මේ වනවිට නුවරඑළිය සුදු අරලිය හෝටලයේ නිරෝධායනය වෙමින් සිටින 295 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ අලජ්ජී ගසා කෑම ගැන හෙළිදරව් කරමින් සිටිති.
මේ පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් සැප්.20 දින UL 605 ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපලට පැමිණ ඇත. ඔස්ට්‍රෙලියානු ශ්‍රි ලංකා තානාතපති කාර්යාලයේ උපදෙස් මත දින 10 නිරෝධායන කටයුතු වෙනුවෙන් එක් අයෙක් රුපියල් එක් ලක්ෂ අනූ අට දහස බැගින් ඇවන් ගාර්ඩ් සමාගමට ගෙවා තිබේ.

උදේට බාගෙට වේලුණු පිට්ටු ලුණු මිරිස් සමග… දිවා ආහාරය සහ ඩෙසර්ට්… මේ දිනකට රුපියල් 19000ක් නිරෝධායනය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙකුගේ ආහාර වේලය…

ඔවුන් මේ වනවිට තමන්ට ලැබෙන ආහාර හා පහසුකම් පිළිබඳව හෙළිදරවු කරමින් සිටින්නේ හමුදාව විසින් රටේ නිරෝධායන කටයුතු වෙනුවෙන් කරන පූර්ණ සේවය හා මේ නොසැලකීම් සංසදනය කරමිනි.
“ අපි සැප්තැම්බර් 21 උදෑසන 1.30ට පමණ තමයි මත්තලට ලගා වුනේ. ආගමන කටයුතු සහ PCR පරීක්ෂණ වලින් අනතුරුව එදින සවස 230 ට පමණ නුවරඑළිය අරලිය හෝටලයට ආවා. ඒ එන අත්අරමගදි පැය 1 1/2 පමණ බස්‍ රථ මග නවත්වාගෙන හිටියා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ගුවන් තොටුපලෙන් බසයට නැගගත්තම ලබා දුන්නෙ කෑම පැකට් එකක් සහ වතුර බෝතලයක්. ඒක පිළුණු වෙලා. බස් එකේ හිටපු කාටවත් ඒක කන්න බැරි උනා. හෝටලය ලඟට ඇවිත් බසය තුළ තවත් පැය 2.00 ක් පමණ හිටියා. හෝටලයට ආවා. හවස තුනට විතර ආයෙත් බත් පැකට් එක්ක ලැබුණා. කට හරියෙ තියන්න බෑ.“
“සුදු අරලිය හෝටලයේ නිරෝධායන අත්දැකීම් සහිත පුද්ගලයෙක් අපට කීවේය. “

“අද උදේ කෑම හතට දුන්නා. දවල් දෙකයි කන්න ටික එවනකොට. ඔබට එවන්නම් කෑම වේලේ ෆොටෝ එක. එක දවසකට මේ ක්‍රියාවලියට අපෙන් රුපියල් දහ නව දාහක් අයකරන වග අමතක කරන්න හොඳ නෑ.“

මේ එක් පුද්ගලයෙක් නිරෝධායනය වෙනුවෙන් ගෙවන රුපියල් ලක්ෂ දෙකකට ආසන් මුදල හැරුණු කොට තනි ගමන් වාරයක් සඳහා ගුවන් ටිකට්පත වෙනුවෙන් ඔස්ට්‍රෙලියානු ඩොලර් 1550ක මුදලක් ගෙවා ලංකාවට පැමිණි අයය.

මේ නිරෝධායන කටයුත්ත මේ වකවානුවේ ලාභදායීම ව්‍යාපාරයකි. තරු හෝටල්වල නවත්නවා තරුපන්තියේ මිල අයකරන අතර කාමර සේවාව රහිතව, පවිත්‍ර සේවවාන් අවම කරගෙන, හෝලයේ පිහිනුම් තටාකය තහනම් කර, ඉතා අඩු සේවක මන්ඩලයකින් පවත්වාගෙන යන මේ හෝටල් තුළ සිදුවන නිරෝධාන කටයුත්තේ මූලික පිරිවැයක් දැරීමට සිදුවන්නේ ආහාර වෙනුවෙනි. සුදු අරලිය පාලනය ඒ පිරිවැයත් කපා දමා ඇත. මේ සම්බන්ධව මේ වනවිට හෝටල් පරිපාලනය වෙත මේ නිරෝධායන කණ්ඩායම විසින් පැමිණිලි කර තිබේ.

මේ අත්දැකීම වස්කඩුවේ සිට්‍රස් හෝටලයේ දී ලද විදේශගත ලාංකිකයෝ වෙති. මෙවන් නිරෝධායන අත්දැකීමකට මුහුණ දුන් විදේශිකයෝ යළි මේ රටට නොපැමිණෙන බව කියා යති.

පාසිකුඩා හෝටලයක නිරෝධායනයට යොමුකළ මැදපිරිදිග සිට පැමිණි කණ්ඩායමක් හෝටල් පරිපාලනය සමග ගැටෙන ආකාරය වීඩියෝ දර්ශන මගින් දැන් එළි දැක ඇත.

මේ සියලු දේ අපට යළි කියන්නේ යුද හමුදාවෙන් පිට පුද්ගලික අංශය වෙත පවරා ඇති නිරෝධායන වගකීම යළි සමාලෝචනය කළ යුතු බවය. එහි ඇති බරපතල හිඩස මින් පෙර මාතර කොරෝනා ආසාදිත රුසියානුවා පෙන්වා දුන්නේය.

දැන් සුදු අරලිය නුවරඑළියේ සිට ඒ කතාව තහවුරු කරයි. කොවිඩ් ව්‍යාපාරයක් නොව, ජාතික ව්‍යසනයක් බව මේ උදවිය තේරුම් ගැනීම වැදගත්ය.

 

Tags: කොවිඩ්-19විශේෂ
Share69Tweet43
Previous Post

මාසෙකට කෝටි 90ටත් වඩා අපෙන් කොල්ල කන දුරකථන ඇප් මාෆියාව

Next Post

තිලීපන් සමරා යාපනයේ තැන තැන එක් දින උපවාස

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

Comments 1

  1. Roshel says:
    වසර 6ක් ago

    Anybody can help to confirm these doubts?

    * does all the money paying to hotel goes to the hotel?

    * how does hoels get selected?

    * i have a fair doubt that somebody who select the hotels keep a cut. I whish this is not true.

    * i understand its not practicle to let travelers pick the hotel given the situation.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.