සුසන්ත අමරබන්දු
කොළඹ නිදහස් සැමරුම් පෙළපාළියට සහභාගි වී අම්පාර පහලලන්ද සිවිල් ආරක්ෂක බළකා කඳවුරට පැමිණ සිටින පැමිණි සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් 76 දෙනාගෙන් 35 දෙනෙකු කොරොනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
පසුගිය 06 වනදා මුලින්ම මේ කණ්ඩායමේ සිවිල් ආරක්ෂක භටයන් දසදෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක් කළ අතර ඉන් 06 දෙනකු කොරොනා ආසාදිතයන් බව තහවුරු විය.
ඉන්පසු 07 වන දින කඳවුරේ කාර්ය මණ්ඩලය ඇතුළු නිදහස් දින උළෙලට සහභාගී වූ සමස්ථ කණ්ඩායමට අයත් සෙබලුන් 70 ක් ක්ෂණික ප්‍රති දේහ පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී 29 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇත. ඒ අනුව හමු වූ මුළු ආසාදිතයන් ගණන 35ක් බව තහවුරු වී තිබේ.
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක් කළ එම පිරිස පි.සි.ආර්. පරීක්ෂණයට ද ලක්කර ඇති අතර එම පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
පසුගිය දා පැවති නිදහස් පෙළපාළියට එක් වූ මෙම සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් පිරිස මිහින්තලේ සහ ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරුවල ආචාර පෙළපාළියට පුහුණුවි තිබේ. පසුගිය 4 වෙනි දින මෙම පිරිස නිදහස් දින සිවිල් ආරක්ෂක බලකා ආචාර පෙළපාළියට සහභාගි වී ඇත.
ඉන් පසුව 76 දෙනකුගෙන් යුත් මේ පිරිස අම්පාර පහලලන්ද සිවිල් ආරක්ෂක බලකා කඳවුරට පැමිණ තිබේ. කොවිඩ් ආසාදිත 35 වාර්තාව වන්නේ මේ 76 දෙනාගෙනි.
නිදහස් දින පෙළපාලියට සහභාගි මෙම පිරිසෙන් කිසිවෙක් නිවසට නොගොස් මෙම කඳවුර තුළ සිටීම නිසා පිටස්තරයිට පැතිර යෑම වැලකී තිබිණි.
දමන සෞඛ්‍ය සේවා නිලධාරිනී තරිනී මදාරා ගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ශාන්ත බණ්ඩාර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන චමත් ජයසිංහ, මහේෂ් බණ්ඩාර, රොමේෂ් ද සිල්වා සහ පී. එච්. පී. මංජුල ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම තත්වය පාලනය කරමින් කොරෝනා පැතිරීම වළක්වා ලන්නට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිති.







