හෙට (04) දිනට යෙදී ඇති 75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව අද දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයක් වෙනුවෙන් අද (03) දින සවස 3.00 සිට කොළඹ ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරයි.
ප්‍රසංගය අවසන් වන තෙක් මෙලෙස වසා තැබෙන මාර්ග වන්නේ,
නිදහස් මාවත, නිදහස් වටරමුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම. පදනම් පාර, ස්ටැන්ලි විජේසුන්දර මාවත හන්දියෙන් පදනම් මාවත දෙසට ඇතුළුවීම. ප්‍රේමකීර්ති ද අල්විස් මාවත, රූපවාහිනී සංස්ථාව සිට නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම ඇතුළු මාර්ග වේ.
මාර්ගය වසා දමන ප්‍රදේශයේ පදිංචිකරුවන්ට, කාර්යාල වෙත ගමන් කරනු ලබන පුද්ගලයින්ට ගමන් කිරීමට බාධාවක් නොවන පරිදි ඉඩ සලසා දී ඇති බවත් ප්‍රසංගය අවසන් විමත් සමගම රථවාහන ගමනා ගමනයට ඉඩ සලසන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.







