අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් දොස්තර විශේෂඥයන් වූ හිස් මිනිසුන් 02ක ගේ ආත්මාර්ථය රෝහලක් අඩපණ කළ අයුරු…

by editor
අප්‍රේල් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර ශික්ෂණ රෝහලට සම්බන්ධ ළමා රෝග පිළිබඳව මහාචාර්ය ඒකකයේ වාට්ටුව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ පාලන අධිකාරිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇත.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ රෝහලේ මහාචාර්ය ඒකකයට අනුයුක්ත ව කටයුතු කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා එකම කණිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරියකට ආවරණ රාජකාරී පවරමින් විදේශ ගත වීම සහ ඔවුන් පොරොන්දු වූ ලෙස යළි මෙරටට නොපැමිණීම හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව ලංකාසර වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ මෙම මහාචාර්ය ඒකකයට අනුයුක්ත ව කටයුතු කළ වෛද්‍ය පීඨා කථිකාචාර්යවරුන් ද වන ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනිත් චන්ද්‍රකුමාර සහ ෂම්මි රත්නසිරි යන වෛද්‍යවරුන් එකිනෙකාට සිය රාජකාරී ආවරණය කරන බව ට එකඟතාව ඇති කරගෙන විදේශ ගත වීම සඳහා අනුමැතිය අපේක්ෂා කර ඇති අතර මේ බව දැන දැන රජරට වෛද්‍ය පීඨය ඔවුන්ට විදේශ ගත වීම් අනුමත කර ඇති බවය.

ඒ වෙනුවට එම ඒකකයට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ විශ්‍රාමික මහාචාර්යවරුන් වන මහාචාර්ය දේවන් මෙන්ඩිස් සහ මහාචාර්ය අරඹෙපොළ බඳවාගෙන ඇති අතර ඊට අමතරව මෙම ඒකකයට අනුයුක්තව  සහය විශේෂඥ වෛද්‍යවරියක් කටයුතු කර ඇත.

විශ්‍රාමික මහාචාර්යවරුන් දෙපළගෙන් එක් මහාචාර්යවරයකු මාස තුනක නිවාඩු ගැනීමත් අනෙක් මහාචාර්යවරයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා නිවාඩු ගැනීමත් සිදුව ඇති අතර වාට්ටුව වෙනුවෙන් ඉතිරිව සිටි එකම ‍විශේෂඥ වෛද්‍යවරියටද තමන්ට අනිවාර්යනේ සම්පූර්ණ කළ යුතු විදෙශ පුහුණුව සඳහා යාමට සිදුව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෞඛ්‍ය අමාත්‍යංශය ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත සඳහන් කළේ වෛද්‍ය ජනක චන්ද්‍රකුමාර සහ වෛද්‍ය ෂම්මි රත්නසිරි නිදහස් කිරීමට වෛද්‍ය පීඨය වගකීමෙන් යුතුව සිදු කර නැති බවය.

වෛද්‍ය වෘත්තියට එලඹෙන විට රෝගී සතක්කාර වෙනුවෙන්  වගවීම සහ වගකීම පිළිබඳව දිවුරුම් පෙත්සමක් මඟින් දිවුරන බවත් ඒ අනුව මෙම වෛද්‍යවරුන් රෝගී සත්කාර පිළිබඳව වගවීම සහ වගකීම බැහැරලමින් ක්‍රියා කර  ඇති ව ටත් මෙමඅ අමාත්‍යංශ නිලධාරියා චෝදනා කළේය.

ඔවුන් යළි සේවයට එන පොරොන්දුව මත විදේශ ගත වුවද ඔවුන් සිය විදේශ ගත වීමේ නිවාඩුව අවසන්ව ශ්‍රි ලංකාවට නොපැමිණන්නට තීරණය කර ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය හේතුවෙන් රෝහලේ කටයුතු අකර්මණ්‍ය වී ඇති අතර ආවරණ රාජකාරී භාර ගත් වෛද්‍යවරියටද සිය අනිවාර්ය විදේහගත පුහුණුව සඳහා යාමට සැලකිය යුතු කාලයක් ප්‍රමාද වී ඇත.

මේ පිළිබඳව ලංකාසර රජරට වෛද්‍ය පීඨාධිපති වෛද්‍ය ජානක පුෂ්පකුමාරගෙන් ද විමසූ අතර ඔහු එහිදී සඳහන් කළේ මෙම විදේශ ගත වෛද්‍යවරුන් දෙදෙනා එකිනෙකාට රාජකාරී ආරණය කරගන්නා බව සඳහන් කරමින් විදේශ ගත වූ බව ට පැතිරෙන කතාව අසත්‍යයක් බවයි.

කෙසේ වුවද මෙම වෛද්‍යවරුන් සිය පුහුණුව අවසන් කර ආපසු පැමිණෙන බවට වූ පොරොන්දුව මත වෛද්‍ වරුන් දෙදෙනාගේම ආවරණය එක් වෛද්‍යවරියක භාරගෙන ඇති පසුබිමක ඔවුන්ට විදේශ ගත වීමට අවසරය ලබා දුන් බවත් මෙම තීරණය ගත්තේ තමන් තනිවම නොව වෛද්‍ය පීඨ උපදේශක මණ්ඩලයද සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවත් ඔහු ප්‍රකාශ කළේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාන්තාවක් පවත්වාගෙන ගිය බූරු පොලක් වටලා කාන්තාවන් 06ක් හා පිරිමි 07ක් අත්අඩංගුවට…

Next Post

අප්‍රේල් 03 සරසවි සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ස්වයං මැදිහත් පරීක්ෂණයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.