බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැවෙන් කාන්දුවන තෙල් ඉවත් කරන්න පේරාදෙණි සරසවියෙන් සුපිරි තාක්ෂණයක් සොයා ගනී…

තෙල් උරාගන්නා මිනිරන් කොට්ටයක් හදලා... ජලයේ පාවෙන තෙල් උරාගත් පසු නැවත භාවිත කළ හැකියි..

by editor
ජූනි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විසිරි යන තෙල් පරිසර හානියක් සිදුවිමට පෙර එක්කිරීම සඳහාවන විද්‍යාත්මක ක්‍රමයක් සොයා ගැනිමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාරයවරු කණ්ඩායමක් සමත්ව ඇතැයි පේරාදෙණිය විශ්ව විදයාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක පවසයි.

බෝගල පතලේ විශේෂ මිනිරන් වර්ගයක් උපයෝගී කරගනිමින් සකස් කළ මෙම නිර්මාණය උපයෝගි කර ගෙන මුහුදු ජලයට එක්වී ඇති තෙල් එක්කාසු කර ගත හැකි බව ඔවුහු පර්යේෂණ මගින් සනාථ තරති. ඒ සදහා වන පේටන්ට් බලපත්‍රය ද හිමි ව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට බව උපකුලපතිවරයා කියා සිටියේය.

OIL
රසායනාගාරය තුළ පර්යේෂණය තහවුරු කරමින්…

විසිරි ඇති තෙල් එක්රැස් කිරීම සඳාහා නිර්මිත මිනිරන් සහිත මෙට්ටය හෙට හො අනිද්දා නැව අසලට ගෙනගොස් තෙල් එක් කරනබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ කීය.

මෙට්ටයක හැඩැති මෙම නිර්මාණය සකස්කර ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහචාර්ය අමරසේන පිටවල, මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ටී.ආර්.ඒ කුමාර යන විද්වතුන් විසිනි.

මෙම විද්වත් මඩුල්ල නැව ගිනි ගත් මොහොතේ සිට සිදුකළ පර්යේෂණ ඔස්සේ මෙම සොයා ගැනීම සිදුකර තිබේ.

මිනිරන් ග්රෑම් එකකට තෙල් ග්රෑම් එකසිය විස්සක් (120) ක් උරා ගැනීමට හැකි බවත් මෙම මිනිරන් විශේෂය හා තවත් ද්‍රව්‍යය භාවිත කර මෙට්ටයක් ආකාරයට සකස්කර මුහුදට දැමූ විට ජලයේ ඇති තෙල් සියල්ල ඊට උරා ගන්නා බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ කීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය, මූලික අධ්‍යයන ආයතනය, බෝගල පතල හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ඒකාබද්ධව මෙම නැවෙන් කාන්දුවී විසිරී යන තෙල් එකතු කිරීම සඳහා අවශ්‍යය මෙට්ට විශේෂය සකස් කර ඇතිබවද කීය. තාක්ෂණය ඇතුළු සියලු කටයුතු කිසිදු මුදලක් අය නොකර ලබා දීමට තීරණය කර තිබෙන බවත් මහචාර්ය රාජපක්ෂ පැවසුවේය. මින්රන් වලට උරා ගන්නා තෙල් ඒවායින් පිටතට ගෙන යළි ප්‍රයෝජනයට ගතහැකි බවද ඔහු කීය.

මුහුදු ජලයට එකතු වන ජලය එලෙස ඉවත් කර ගැනීමට කටයුතු කරත්දී නැවේ ඉතිරි වී තිබෙන තෙල් මුහුදට එක්වීමට නොදී තවත් නැවකට මාරුකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධවද මේ වන විට අධ්‍යයන්‍යය කරමින් සිටින්නේ යැයි ද මහචාර්යවරයා පැවසුවේය.

නැවෙන් තෙල් ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ සඳහා පැමිණ තිබෙන ඇමරිකානු විශේෂඥවරයෙකුගේ සහයද මෙම වැඩපිළිවෙළ සඳහා ලැබී තිබෙන බව හෙතම කීය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිය නවා මන්ත්‍රී වාහනවලට “එල්.සී. ඕපන් කළ“ ලංකා බැංකුවෙන් නීතිඥ වටගල ලිඛිතව ප්‍රශ්න කරයි…

Next Post

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනීමේ අරමුණින් ගිනිගැනීමට දුන්නාදැයි සැකයක්!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.